ලෙන්ඩ්ල් සිමන්ස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දෙයි

Date:

බටහිර ඉන්දීය කොදෙව් හිටපු ආරම්භක පිතිකරුවෙකු වන ලෙන්ඩ්ල් සිමන්ස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

කොදෙව් හිටපු නායකයෙකු වූ දෙනේෂ් රම්දින් ද ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කළ පසුබිමකයි ඔහු ද සිය තීරණය ප්‍රකාශයට පත් කර ඇත්තේ.

සිමන්ස් 2006 වසරේ දී ජාත්‍යන්තර වරම් දිනා ගත් අතර, මේ දක්වා ඔහු ටෙස්ට් තරග 8කට, එක්දන තරග 68කට හා 20යි 20 තරග 68කට ක්‍රීඩා කර තිබෙනවා.

සමස්ථයක් ලෙස ඔහු ජාත්‍යන්තර තරග 144 කදී වාර්තා කර ඇති ලකුණු සංඛ්‍යාව 3,763 ක්.

2012 හා 2016 වසරවලදී 20යි 20 ලෝක ශූරතාවය දිනූ කොදෙව් කණ්ඩායමේ ද සාමාජිකයෙකු ලෙස ඔහු කටයුතු කළා.

2016 ලෝක කුසලානයේ අවසන් පූර්ව තරගයේ දී සත්කාරක ඉන්දියාව පරාජය කිරීම සදහා සිමන්ස් ලකුණු 82 ක් වාර්තා කරමින් සුවිශේෂ දක්ෂතාවයක් ප්‍රදර්ශනය කරනු ලැබුවා.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත්ත ද තමා තවදුරටත් 20යි 20 ලිග් තරග සදහා ක්‍රීඩා කරන බව ද ලෙන්ඩ්ල් සිමන්ස් සදහන් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...