බෙන් ස්ටොක්ස් එක්දින පිටියට සමු දෙයි

Date:

එංගලන්ත තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක බෙන් ස්ටොක්ස් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර තිබෙනවා.

හෙට (19) සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව Chester-le-Street හී දී පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් පසුව තමා එක්දින පිටියෙන් සමු ගන්නා බවයි ඔහු නිවේදනය කර ඇත්තේ.

31 හැවිරිදි ස්ටොක්ස් මෙම වසරේ දී එරට ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස ද පත් කෙරුණා.

කෙසේ වෙතත්, ඔහු පෙන්වා දෙන්නේ තරග රටා ත්‍රිත්වයම ක්‍රීඩා කිරීම තමාට අපහසු බවයි.

බෙන් ස්ටොක්ස් මේ දක්වා එක්දින තරග 104ක් ක්‍රීඩා කර ඇති අතර, 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ වීරයා ලෙස ද සම්මානයෙන් පිදුම් ලැබුවේ ඔහුයි.

2011 වසරේ දී අයර්ලන්තයට එරෙහිව එක්දින වරම් හිමි කර ගත් ස්ටොක්ස් එක්දින පිටියේ දී ලකුණු 2,919 ක් රැස් කිරීමට සමත් වුණා. ඊට ශතක 3ක් මෙන්ම කඩුලු 74 ක් ද ඇතුළත්.

පසුගිය වසරේ දී එංගලන්ත කණ්ඩායම විසින් පාකිස්තානයට එරෙහිව තරග 3-0ක තරගාවලි ජයක් වාර්තා කළ අවස්ථාවේ කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කළේ ඔහුයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...