කොදෙව් හිටපු නායකයා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දෙයි

Date:

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු නායකයෙකු මෙන්ම හිටපු කඩුලු රකින පිතිකරුවෙකු වන දෙනේෂ් රම්දින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත්, 37 හැවිරිදි ඔහු තවදුරටත් 20යි 20 ලීග් තරග සදහා ක්‍රීඩා කිරීමයි තීරණය කර ඇත්තේ.

ඔහු සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ දී ටෙස්ට් තරග 74කට, එක්දින තරග 139කට හා 20යි 20 තරග 71 කට ක්‍රීඩා කර තිබුණා.

ටෙස්ට් ශතක 4ක් හා එක්දින ශතක 2ක් එහිදී වාර්තා කර ඇති රම්දින්, අවසන් වරට ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කර ඇත්තේ 2019 වසරේ දෙසැම්බර් මාසයේ දී යි.

2012 හා 2016 වසරවලදී පන්දුවාර 20යි 20 ලෝක කුසලානය ජය ගත් කොදෙව් කණ්ඩායමේ ද සාමාජිකයෙකු ලෙස ඔහු කටයුතු කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...