ඕෂද, කුසල් හා චන්දිමාල්ගේ අර්ධ ශතක හමුවේ පළමු ටෙස්ට් තරගයේ පාලනය ශ්‍රී ලංකාවට

Date:

ඕෂද ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස් හා දිනේෂ් චන්දිමාල් වාර්තා කළ අර්ධ ශතක හේතුවෙන් ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අද (18) නිමා වුණේ තරගයේ පාලනය ශ්‍රී ලංකාව වෙත නතු කරමින්.

අද දිනයට තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම  ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 9ක් දැවී ලකුණු 329 ක් ලබා සිටියා.

නොදැවී පන්දුවට පහර දෙන දිනේෂ් චන්දිමාල් ලකුණු 86 ක් ද, ප්‍රභාත් ජයසූරිය ලකුණු 4 ක් ද ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

අද දිනය ආරම්භ කරන විට ශ්‍රී ලංකාව එක් කඩුල්ලක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 36ක්. දිනයේ පළමු කඩුල්ල ලෙස කසුන් රාජිත දැවී ගියේ ලකුණු 7ක් ලබා සිටියදීයි.

අනතුරුව ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කරමින් කුසල් මෙන්ඩිස් ලකුණු 76 ක් හා ඕෂද ප්‍රනාන්දු ලකුණු 64 ක් රැස් කිරීමට සමත් වුණා. ඔවුන් දෙදෙනා අතර තෙවැනි කඩුල්ල සදහා ගොඩ නැගුණු සබදතාවය ලකුණු 91 ක්.

ඇන්ජෙලෝ මැතිව්ස් ලබා ගත්තේ ලකුණු 9ක් පමණයි. ධනංජය ද සිල්වා ලකුණු 20ක් රැස් කළා. නිරෝෂන් දික්වැල්ල ලකුණු 12 කට දැවී ගියා. රමේෂ් මෙන්ඩිස් ලකුණු 22ක් ද, මහීෂ් තීක්ෂණ ලකුණු 11 ක් ලබා ගැනීමට සමත් වුණා. දිමුත් කරුණාරත්න ලකුණු 16 කට ඊයේ පස්වරුවේ දැවී ගියා.

තරගය අද දිනට ආරම්භ වූ අවස්ථාවේ සිට දිවා ආහාරය දක්වා වූ කාලය තුළ දී ශ්‍රී ලංකාව එක් කඩුල්ලක් දැවී ලකුණු 96 ක් රැස් කිරීමට සමත් වූ අතර, දිවා ආහාරයේ සිට තේ පානය දක්වා වූ කාලය තුළ දී ශ්‍රී ලංකාව කඩුලු 5ක් දැවී ලකුණු 125 ක් රැස් කිරීමට සමත් වුණා. තේ පානයේ සිට අද දිනට තරගය නතර කරන අවස්ථාව දක්වා වූ කාලය තුළ දී ලකුණු 72 ක් වාර්තා වූ අතර, දැවී ගිය කඩුලු ගණන 2 ක්.

පන්දු යැවීමේ දී මොහමඩ් නවාස් ලකුණු 88 කට කඩුලු 5 ක් දවා ගෙන ඇති අතර, යසීර් ශාහ් ලකුණු 122 කට බිද හෙලා ඇති කඩුලු ගණන 3 ක්.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 222 ක්. පිළිතුරු ලෙස පාකිස්තානය සියලු දෙනා දැවී ලකුණු 218 ක් රැස් කළා.

ඒ අනුව ශ්‍රී ලංකාව මේ වන විට ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 333 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...