වට්මෝර් එංගලන්ත ක්‍රිකට් මුල් පුටුවට

Date:

එංගලන්ත සහ වෙල්ස් ක්‍රිකට් ආයතනයේ සභාපති කොලින් ග්‍රේව්ස් සිය ධූරයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

අගෝස්තු 31 වනදා ඔහු සිය ධූරයෙන් ඉවත් වන අතර, ඔහු වෙනුවට නව සභාපතිවරයා ලෙස ඉයන් වට්මෝර් වැඩ භාර ගැනීමට නියමිතයි.

ඔහුගේ පත්වීමට මෙම මාසයේ දී එරට ක්‍රිකට් ආයතනයේ මහා සභා රැස්වීමේ දී අනුමැතිය හිමි වනු ඇති.

කොලින් ග්‍රේව්ස් ලබන නොවැම්බර් මාසය දක්වා සිය ධූරයේ කටයුතු කිරීමට නියමිතව තිබූ නමුත්, පන්දු සියයේ (ද හන්ඩ්‍රඩ්) ක්‍රිකට් තරගාවලිය ලබන වසරට ලක් දැමීමත් සමග ඔහු ධූරයෙන් නියමිත කාලයට පෙර ඉවත් වීමට තීරණය කර ඇති බව සදහන්.

ජගත් ක්‍රිකට් කවුන්සලයේ සභාපතිවරයා ලෙස ද පත් වීමට ඔහු මේ වන විට සූදානමින් පසුවන බවයි වාර්තා වන්නේ.

2015 වසරේ දී එංගලන්ත ක්‍රිකට් ආයතනයේ සභාපතිධූරයට පත් වූ කොලින් ග්‍රේව්ස් ඊට පෙර 2006 වසරේ දී යෝක්ෂයාර් ක්‍රිකට් සමාජයේ ද සභාපතිවරයා ලෙස කටයුතු කළා.

එංගලන්ත ක්‍රිකට් ආයතනයේ මහා සභා රැස්වීම මැයි 12 වනදා පැවැත්වීමට මීට පෙර තීරණය කර තිබුණ ද, කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් එය මෙම මස අග දක්වා කල් දමා තිබෙනවා.

එංගලන්ත ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස පත් වීමට නියමිත ඉයන් වට්මෝර් මීට පෙර පාපන්දු සහ රග්බි ක්‍රීඩාවල පරිපාලකයෙකු ලෙස කටයුතු කර තිබුණා.

ක්‍රිකට් ක්‍රීඩාව හා සම්බන්ධ නවතම පුවත් එසැණින් දැන ගැනීම සදහා අපගේ ෆේස්බුක් පිටුව හා සම්බන්ධ වන්න

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...