ශඩාබ් ඛාන් සහ ඩර්සි ශෝට්ගේ ගිවිසුම් අවලංගු කෙරේ

Date:

බ්‍රිතාන්‍යයේ සරේ ප්‍රාන්ත කණ්ඩායම විසින් සිය කණ්ඩායමේ විදෙස් ක්‍රීඩකයින් දෙදෙනෙකු වන ශඩාබ් ඛාන් සහ ඩර්සි ශෝට් සමග ඇති ගිවිසුම් අවලංගු කර තිබෙනවා.

ඒ, මෙවර ප්‍රාන්ත 20යි 20 ක්‍රිකට් තරගාවලිය ද කොරෝනා වෛරසයේ බලපෑම හමුවේ කල් දමා ඇති බැවින්.

මෙම ක්‍රීඩකයින් දෙදෙනාම පන්දු සියයේ ක්‍රිකට් තරගාවලිය (ද හන්ඩ්‍රඩ්) සදහා ද ක්‍රීඩා කිරීමට නියමිතව සිටි අතර, අදාළ තරගාවලිය ද ලබන වසර දක්වා කල් දැමීමටයි මේ වන විට තිරණය කර ඇත්තේ.

මීට පෙර සරේ කණ්ඩායම විසින් සිව් දින තරග සදහා මයිකල් නෙසර් සමග ඇති කර ගෙන තිබූ ගිවිසුම ද අවලංගු කළා.

එමෙන්ම පීටර් සිඩ්ල් සමග ඇති ගිවිසුම ලබන වසර දක්වා කල් දැමීමට එසෙක්ස් ප්‍රාන්ත කණ්ඩායම මීට පෙර තීරණය කළේ ද කොරෝනා වෛරසයේ බලපෑමත් සමගයි.

තවද, ආර්. අශ්වින්, නිකලස් පූරාන්, කේෂාව් මහරාජ් යන ක්‍රීඩකයින්ට යෝක්ෂයාර් කණ්ඩායම සමග ඇති ගිවිසුම් අහිමි වුණා.

ඊට අමතරව නෙදන් ලියෝන්, බී.ජේ වොට්ලින්, ජේම්ස් ෆෝල්ක්නර්, මැට් හෙන්රි සහ ග්ලේන් මැක්ස්වෙල් යන විදෙස් ක්‍රීඩකයින්ට ද කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් බ්‍රිතාන්‍යයේ ප්‍රාන්ත තරගාවලියන්ට අදාළ කොන්ත්‍රාත් ගිවිසුම් අහිමි වී තිබෙනවා.

ක්‍රිකට් ක්‍රීඩාව හා සම්බන්ධ නවතම පුවත් එසැණින් දැන ගැනීම සදහා අපගේ ෆේස්බුක් පිටුව හා සම්බන්ධ වන්න

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...