ඕෂද හා මෙන්ඩිස් දෙවැනි ඉනිම ස්ථාවර කරයි ; ශ්‍රී ලංකාව ලකුණු 136ක් ඉදිරියෙන්

Date:

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අදයි (18).

දිවා ආහාරය සදහා තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 2ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 132ක්.

කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 45 ක් හා ඕෂද ප්‍රනාන්දු නොදැවී ලකුණු 64 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා. ඔවුන් දෙදෙනා අතර තෙවැනි කඩුල්ල සදහා මේ වන විට ගොඩ නැගී ඇති නොබිදුණු සබදතාවය ලකුණු 91 ක්.

අද දිනය ආරම්භ කරන විට ශ්‍රී ලංකාව එක් කඩුල්ලක් දැවී ලකුණු 36ක් ලබා සිටියා. දිනයේ පළමු කඩුල්ල ලෙස කසුන් රාජිත දැවී ගියේ ලකුණු 7ක් ලබා සිටියදීයි.

තරගය අද දිනට ආරම්භ වූ අවස්ථාවේ සිට දිවා ආහාරය දක්වා වූ කාලය තුළ දී ශ්‍රී ලංකාව එක් කඩුල්ලක් දැවී ලකුණු 96 ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී මොහමඩ් නවාස් ලකුණු 36 කට කඩුලු 2ක් දවා ගත්තා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 222 ක්. පිළිතුරු ලෙස පාකිස්තානය සියලු දෙනා දැවී ලකුණු 218 ක් රැස් කළා.

ඒ අනුව ශ්‍රී ලංකාව මේ වන විට ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 136 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...