ශ්‍රී ලංකා දග පන්දුව හමුවේ පාකිස්තාන පිතිකරුවන් අසරණ වෙයි

Date:

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය මේ වන විට විට ගාල්ල ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

දිවා ආහාරය සදහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්තානය කඩුලු 7 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 104 ක්.

නායක බබාර් අසාම් නොදැවී ලකුණු 34 ක් හා යසීර් ශාහ් නොදැවී ලකුණු 12 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

වර්ෂාව හේතුවෙන් පැය භාගයක කාලයක් ප්‍රමාද වීමෙන් අනතුරුව අද දිනය සඳහා තරගය ආරම්භ කෙරුණු අතර, ඒ වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්තාන කණ්ඩායම කඩුලු 2ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 24 ක්.

පාකිස්තාන ඉනිමේ තෙවැනි කඩුල්ල අද දිනයේ යොමු කෙරුණු පළමු පන්දුවාරයේදීම දවා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. ඒ, ලකුණු 3 ක් ලබා සිටි අසාර් අලීගේ කඩුල්ල දවා ගැනීමට ප්‍රභාත් ජයසූරිය සමත් වීමත් සමගයි.

අනතුරුව මොහොමඩ් රිස්වාන් ලකුණු 19කට දැවී ගියා. රමේෂ් මෙන්ඩිස් විසින් මෙම තරගයේ යොමු කළ පළමු පන්දුවේදීම එම කඩුල්ල දවා ගැනීම විශේෂත්වයක්.

මංගල ටෙස්ට් තරගය ක්‍රීඩා කරන අගා සල්මාන් හා මොහමඩ් නවාස් ලකුණු 5 බැගින් ලබා සිටිය දී දැවී ගියා. ශහීන් ශාහ් අෆ්රිඩි පළමු පන්දුවෙන්ම දැවී ගියේ ප්‍රභාත් ජයසූරියට මෙම ඉනිමේ දී ද කඩුලු 5ක් දවා ගැනීමට අවස්ථා සලස්වමින්.

තරගය අද දිනට ආරම්භ කළ අවස්ථාවේ සිට දිවා ආහාරය දක්වා වූ කාලය තුළ දී පාකිස්තානය ලකුණු 80ක් රැස් කිරීමට සමත් වූ අතර, දැවී ගිය කඩුලු ගණන 5ක්.

පන්දු යැවීමේ දී ප්‍රභාත් ජයසූරිය ලකුණු 41 කට කඩුලු 5ක් දවා ගැනීමට සමත්ව සිටිනවා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 222 ක්.

ඒ අනුව පාකිස්තානය මේ වන විට පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 118 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...