චන්දිමාල් ශ්‍රී ලංකාව ගලවා ගැනීමේ හුදෙකලා සටනක

Date:

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය මේ වන විට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටින ශ්‍රී ලංකාව තේ පානය සදහා තරගය නතර කරන විට කඩුලු 8 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 166 ක්.

දිවා ආහාරයෙන් පසුව තරගය ආරම්භ කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 80 ක් ලබා සිටි අතර, දිවා ආහාරයේ සිට තේ පානය දක්වා වූ කාලය තුළ දී ශ්‍රී ලංකාව කඩුලු 4ක් දැවී ලකුණු 86 ක් රැස් කළා.

ඉනිමේ 5 වැනි කඩුල්ල ලෙස ධනංජය ද සිල්වා ලකුණු 14කට දැවී ගියේ ශහීන් ශාහ් අෆ්රිඩිගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන්.

ඔහුගේ පන්දුවක් හමුවේම නිරෝෂන් දික්වැල්ල ලකුණු 4කට දැවී ගියා. රමේෂ් මෙන්ඩිස් ලකුණු 11කටත්, ප්‍රභාත් ජයසූරිය ලකුණු 3කටත් දවා ගැනීමට පාකිස්තාන පන්දු යවන්නන් සමත් වුණේ තරගයේ සම්පූර්ණ පාලනය සියතට ගනිමින්.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටින දිනේෂ් චන්දිමාල් ලකුණු 68 ක් හා මහීෂ් තීක්ෂණ ලකුණු 6 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ දිමුත් කරුණාරත්න එක් ලකුණකටත්, ඕෂද ප්‍රනාන්දු ලකුණු 35කටත් දැවී ගියා.

කුසල් මෙන්ඩිස් ලකුණු 21 ක් ලබා ගත්තා. ඇන්ජෙලෝ මැතිව්ස්ට මෙම ඉනිමේ දී ලකුණු ලබා ගැනීමට අවස්ථාවක් ලැබුණේ නැහැ.

පන්දු යැවීමේ දී ශහීන් ශාහ් අෆ්රිඩි කඩුලු 3ක් දවා ගත් අතර, යසීර් ශාහ් කඩුලු 2ක් බිද හෙලුවා. හසන් අලී, නසීම් ශාහ් හා මොහොමඩ් නවාස් එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...