ශ්‍රී ලංකා – පාකිස්තාන දෙවැනි ටෙස්ට් තරගයේ වෙනසක්

Date:

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවැත්වෙන තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි හා අවසන් ටෙස්ට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ම පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

මීට පෙර එම තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමටයි සැලසුම් කර තිබුණේ.

කෙසේ වෙතත්, කොළඹ පවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම තරගය ගාල්ලේ දී ම පැවැත්වීමට තීරණය කර ඇති බව සදහන්.

පාකිස්තාන ක්‍රිකට් ආයතනය සමග ද සාකච්ඡා කර ඒ සම්බන්ධයෙන් වන අවසන් තීරණයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එළඹ තිබෙනවා.

ඒ අනුව දෙවැනි ටෙස්ට් තරගය එළඹෙන 24 වැනිදා සිට ගාල්ලේ දී ම පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...