පාකිස්තානයෙන් පළමු ටෙස්ට් තරගයට ප්‍රබල ආරම්භයක්

Date:

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද (16) ගාල්ලේ දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

කෙසේ වෙතත්, නායක දිමුත් කරුණාරත්න ගත් එම තීරණයට සාධාරණයක් ඉටු කිරීමට ශ්‍රී ලංකා මුල්පෙල පිතිකරුවන්ට හැකි වූයේ නැහැ.

දිවා ආහාරය සදහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 4ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 80 ක්.

ආරම්භක පිතිකරුවන් වූ දිමුත් කරුණාරත්න එක් ලකුණකටත්, ඕෂද ප්‍රනාන්දු ලකුණු 35කටත් දැවී ගියා.

කුසල් මෙන්ඩිස් ලකුණු 21 ක් ලබා ගත්තා. ඇන්ජෙලෝ මැතිව්ස්ට මෙම ඉනිමේ දී ලකුණු ලබා ගැනීමට අවස්ථාවක් ලැබුණේ නැහැ.

පන්දු යැවීමේ දී යසීර් ශාහ් කඩුලු 2ක් දවා ගත් අතර, ශහීන් ශාහ් අෆ්රිඩි හා හසන් අලී එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...