ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන පාකිස්තාන කණ්ඩායම නම් කෙරේ

Date:

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය යටතේ හෙට (16) ආරම්භ වන පළමු ටෙස්ට් තරගය සදහා ක්‍රීඩා කරන පාකිස්තාන කණ්ඩායම එරට ක්‍රිකට් ආයතනය විසින් මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව මෙම තරගයේ දී දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක සල්මන් අලී අගා ටෙස්ට් වරම් දිනා ගැනීමට නියමිත බවයි එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

එමෙන්ම යසීර් ශාහ් සහ මොහොමඩ් නවාස් ද යළි එරට ටෙස්ට් කණ්ඩායමට කැදවා තිබෙනවා.

පා දග පන්දු යවන ක්‍රීඩක යසීර් ශාහ් ආබාධයකට ලක්ව සිටි අතර, ඔහු අවසන් වරට ටෙස්ට් තරගයක් ක්‍රීඩා කර තිබුණේ 2021 වසරේ අගෝස්තු මාසයේ දී යි.

මොහොමඩ් නවාස් එරට ටෙස්ට් කණ්ඩායමට නම් කර ඇත්තේ වසර 6කට පමණ පසුව වීම ද විශේෂත්වයක්.

පළමු ටෙස්ට් තරගය හෙට පෙරවරු 10ට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

පාකිස්තාන කණ්ඩායම –

  1. බබාර් අසාම් (නායක)
  2. මොහොමඩ් රිස්වාන් (කඩුලු රකින හා උප නායක)
  3. අබ්දුල්ලාහ් ශෆික්
  4. අසාර් අලී
  5. හසන් අලී
  6. ඉමාම් උල් හක්
  7. මොහොමඩ් නවාස්
  8. නසීම් ශාහ්
  9. සල්මන් අලී අගා
  10. ශහීන් අෆ්රිඩි
  11. යසීර් ශාහ්

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...