දකුණු අප්රිකාව සමග පැවැත්වීමට නියමිත එක්දින හා 20යි 20 තරගාවලි සදහා වන එංගලන්ත සංචිත අද(15) ප්රකාශයට පත් කෙරුණා.
සංචිත සදහා පා දග පන්දු යවන ක්රීඩක අඩිල් රෂීඩ් යළි නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
හජ් වන්දනාවට එක්වීම හේතුවෙන් ඔහු ඉන්දියාවට එරෙහි තරගාවලි සදහා ඇතුළත් වූයේ නැහැ.
ක්රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් එක්දින සංචිතයට වේග පන්දු යවන ක්රීඩක මැතිව් පොට්ස් ද පළමු වරට නම් කර තිබීම විශේෂත්වයක්.
20යි 20 තරගාවලියෙන් ටෙස්ට් නායක බෙන් ස්ටොක්ස් විවේක ගන්වා තිබෙනවා. ඔහු මෙවර The Hundred තරගාවලිය සදහා ද ක්රීඩා නොකරන බව එංගලන්ත ක්රිකට් ආයතනය සදහන් කළා.
දකුණු අප්රිකා කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය යටතේ පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් එක්දින තරගාවලිය එළඹෙන 19 වැනිදා ආරම්භ වීමට නියමිත අතර, තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය ආරම්භ වන්නේ එළඹෙන 27 වැනිදායි.
එංගලන්ත සංචිත හා තරග කාලසටහන පහතින් –
ODI squad: Jos Buttler (c), Moeen Ali, Jonny Bairstow, Brydon Carse, Sam Curran, Liam Livingstone, Craig Overton, Matthew Potts, Adil Rashid, Joe Root, Jason Roy, Phil Salt, Ben Stokes, Reece Topley, David Willey
T20I squad: Jos Buttler (c), Moeen Ali, Jonny Bairstow, Harry Brook, Sam Curran, Richard Gleeson, Chris Jordan, Liam Livingstone, Dawid Malan, Adil Rashid, Jason Roy, Phil Salt, Reece Topley, David Willey
ODI Series Schedule:
1st ODI: England v South Africa, Tuesday 19 July, Seat Unique Riverside
2nd ODI: England v South Africa, Friday 22 July, Emirates Old Trafford
3rd ODI: England v South Africa, Sunday 24 July, Headingley
T20I Series Schedule:
1st IT20: England v South Africa, Wednesday 27 July 2022, The Seat Unique Stadium, Bristol
2nd IT20: England v South Africa, Thursday 28 July 2022. Sophia Gardens
3rd IT20: England v South Africa, Sunday 31 July 2022, Ageas Bowl

