නවසීලන්තයේ 361 අභියෝගය හමුවේ අයර්ලන්තයට එක් ලකුණක තවත් අමිහිරි පරාජයක්

Date:

ප්‍රබල සටනකින් පසුව අයර්ලන්තය සමග පැවැති තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් එක් ලකුණක තියුණු ජයක් වාර්තා කරමින් එක්දින තරගාවලිය තරග 3-0ක් ලෙස ජය ගැනීමට සංචාරක නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

තරගය ජය ගැනීම සදහා ලකුණු 361ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය අයර්ලන්තයට පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 9ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 359 ක් පමණයි.

පෝල් ස්ටර්ලින්ග් පන්දු 103 කින් ලකුණු 120 ක් රැස් කළේ හයේ පහර 5ක් හා හතරේ පහර 14ක් සමගින්.

හැරී ටෙක්ටර් ලකුණු 108 (106) යි. හයේ පහර 5 ක් හා හතරේ පහර 7ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා.

පන්දු යැවීමේ දී මැට් හෙන්රි ලකුණු 68 කට කඩුලු 4ක් දවා ගත් අතර, මිචෙල් සැන්ට්නර් ලකුණු 71 කට කඩුලු 3ක් බිද හෙලුවා.

Dublin හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය පන්දුවාර 50 තුළ ලකුණු 360 ක් ලබා ගත්තේ කඩුලු 6ක් දැවී සිටියදීයි.

මර්ටින් ගප්ටිල් හයේ පහර 2ක් හා හතරේ පහර 15ක් සමගින් පන්දු 126කින් ලකුණු 115ක් රැස් කළා.

හෙන්රි නිකලස් ලකුණු 79 (54) ක් ද, ග්ලේන් පිලිප්ස් ලකුණු 47 (30) ක් ද ලබා ගනිමින් නවසීලන්ත ඉනිම ශක්තිමත් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී ජොෂ් ලිට්ල් කඩුලු 2ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...