T 20 ලෝක කුසලානයට සුදුසුකම් ලැබූ අවසන් රටවල් දෙක මෙන්න

Date:

නෙදර්ලන්තය හා සිම්බාබ්වේ යන රටවල් ද 2022 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා අද(15) සුදුසුකම් ලබා ගත්තා.

ඒ, පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ B තරගාවලිය යටතේ පැවැති අවසන් පූර්ව තරග දෙකෙන් එම රටවල් ජය ගැනීමත් සමගයි.

සිම්බාබ්වේ හි පැවැති එම තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයෙන් සිම්බාබ්වේ හමුවේ ලකුණු 27කින් පරාජයට පත් වුයේ පැපුවා නිව් ගිනියාවයි.

දෙවැනි අවසන් පූර්ව තරගයෙන් අමෙරිකා එක්සත් ජනපදය පරදා නෙදර්ලන්තය කඩුලු 7ක ජයක් වාර්තා කළා.

ඒ අනුව අවසන් පූර්ව වටයෙන් පරාජයට පත් වූ පැපුවා නිව් ගිනියාවට හා අමෙරිකා එක්සත් ජනපදයට 2022 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වුණා.

  • මෙවර ඔස්ට්‍රේලියාවේ දී පැවැත්වෙන 20යි 20 ලෝක කුසලානය සදහා සුදුසුකම් ලබා ඇති රටවල් 16 –

සත්කාරක රට ලෙස ඔස්ට්‍රේලියාව (වත්මන් ලෝක ශූරයින්)

2021 පන්දුවාර 20යි 20 ලෝක කුසලානයේ ඉදිරියෙන්ම පසු වූ රටවල් 11 ඇෆ්ඝනිස්ථානය, බංග්ලාදේශය, එංගලන්තය, ඉන්දියාව, නැමීබියාව, නවසීලන්තය, පාකිස්තානය, ස්කොට්ලන්තය, දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව, බටහිර ඉන්දීය කොදෙව්

සුදුසුකම් ලැබීමේ A තරගාවලියේ හොදම රටවල් දෙක – අයර්ලන්තය හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය

සුදුසුකම් ලැබීමේ B තරගාවලියේ හොදම රටවල් දෙක – නෙදර්ලන්තය හා සිම්බාබ්වේ

2022 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටය සදහා රටවල් 8ක් ක්‍රීඩා කරන අතර, එම රටවල් කාණ්ඩ දෙකක් යටතේ තරග කිරීමට නියමිතයි.

එක් කාණ්ඩයකින් ඉදිරියෙන්ම පසුවන රටවල් 2 සුපිරි 12 වටය සදහා සුදුසුකම් ලබනවා.

සුපිරි 12 වටය සදහා ඔස්ට්‍රේලියාව, ඇෆ්ඝනිස්තානය, බංග්ලාදේශය, එංගලන්තය, ඉන්දියාව, නවසීලන්තය, පාකිස්තානය හා දකුණු අප්‍රිකාව යන රටවල් මේ වන විටත් සුදුසුකම් ලබා අවසන්.

පළමු වටයේ දී රටවල් කාණ්ඩගත වී ඇති අයුරු –

Group A : Namibia, Sri Lanka, UAE, Netherlands/Zimbabwe

Group B : Ireland, Scotland, West Indies, Netherlands/Zimbabwe

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...