පාකිස්තානයට එරෙහි පළමු ටෙස්ට් තරගයට කණ්ඩායමේ සිදුවන වෙනස්කම් දිමුත් පහදයි

Date:

පාකිස්තානය සමග හෙට(16) ගාල්ලේ දී ආරම්භ වන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා ක්‍රීඩකයින් 12 දෙනෙකුගෙන් යුත් අවසන් සංචිතයක් මේ වන විට නම් කර ඇති නමුත්, ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීමේ සංයුතිය කෙසේ සකස් වන්නේද යන්න සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පවසනවා.

පාකිස්තානය සමග පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා අද (15) ගාල්ලේ දී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ඒ බව සදහන් කළා.

ඔස්ට්‍රේලියාව සමග පැවැති දෙවැනි ටෙස්ට් තරගය අතරතුර දී කොවිඩ් 19 ආසාදනය වූ පැතුම් නිස්සංකට හෙට තරගය අහිමි වී ඇති බවත්, එම තරගාවලිය අතරතුර දී කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් දෙවැනි ටෙස්ට් තරගය අහිමි වූ ධනංජය ද සිල්වා හෙට තරගය සදහා කැදවා ඇති බවත්, දිමුත් කියා සිටියා.

ඒ අනුව ධනංජය වෙනුවට ඔස්ට්‍රේලියාවට එරෙහි දෙවැනි තරගය ක්‍රීඩා කරමින් අර්ධ ශතකයක් වාර්තා කළ කමිදු මෙස්ඩිස්ට හෙට තරගය අහිමි වී තිබෙනවා.

පැතුම් නිස්සංක වෙනුවට ඕෂද ප්‍රනාන්දු මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කිරීමට නියමිත අතර, ඔහු තමා සමගින් ආරම්භක පිතිකරුවෙකු ලෙස පන්දුවට පහර දෙන බවයි දිමුත් අවධාරණය කළේ.

බොහෝ විට මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වේග පන්දු යවන්නන් දෙදෙනෙකු හා දග පන්දු යවන්නන් දෙදෙනෙකු සමගින් ක්‍රීඩා කිරීමට ඉඩ තිබෙනවා.

නමුත්, ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය හෙට දිනයේ දී ගැනීමට නියමිත බවයි ශ්‍රී ලංකා නායකයා සදහන් කළේ.

මේ අතර, ඔස්ට්‍රේලියාවට එරෙහි ටෙස්ට් තරගාවලියේ දී නිරෝෂන් දික්වැල්ල කඩුලු රැකීමේ කාර්යය ඉතා හොදින් ඉටු නොකළ ද ඔහුට හෙට තරගයේ දී ද එම වගකීම ලබා දෙන බව දිමුත් කියා සිටියා.

ALSO READ : ශ්‍රී ලංකා – පාකිස්තාන තරගාවලිය නැරඹිය හැකි ආකාරය හා විස්තර විචාරකයින් මෙන්න

තණතීරුවේ පැවැති පන්දුව දග කැවීමේ ස්වභාවය හේතුවෙන් ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා තරගාවලියේ දී කණ්ඩායම් දෙකේම කඩුලු රකින්නන්ට සිය කාර්යය සාර්ථකව ඉටු කිරීමට නොහැකි වූ බව දිමුත් කරුණාරත්න පෙන්වා දුන්නා.

ALSO READ : ශ්‍රී ලංකා – පාකිස්තාන තරගාවලියේ තරග නිළධාරීන් ප්‍රකාශයට පත් කෙරේ

ශ්‍රී ලංකා – පාකිස්තාන පළමු ටෙස්ට් තරගය හෙට පෙරවරු 10ට ගාල්ල ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...