ප්‍රබලයින් තිදෙනෙකු විවේක ගන්වමින් ඉන්දීය 20යි 20 සංචිතය නම් කෙරේ

Date:

එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයට අයත් පන්දුවාර 20යි 20 තරගාවලිය සදහා වන ඉන්දීය සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

රෝහිට් ෂර්මාගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 18 දෙනෙකු ඇතුළත්.

විරාට් කෝලි, ජස්ප්‍රිට් බුම්රා හා යුස්වේන්ද්‍ර චෙහල් මෙම තරගාවලියෙන් විවේක ගැන්වීමට ඉන්දීය තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

ශාරීරික යෝග්‍යතාවය සුදුසු මට්ටමක පැවතුණහොත් කේ.එල් රාහුල් හා කුල්දීප් යාදව් කොදෙව්වන්ට එරෙහි 20යි 20 තරගාවලිය සදහා එක්වනු ඇති.

දග පන්දු යවන ක්‍රීඩක ආර්. අශ්වින් ද යළි 20යි 20 සංචිතයට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

දෙරට අතර පැවැත්වෙන තරග 5කින් යුත් 20යි 20 තරගාවලිය එළඹෙන 29 වැනිදා ට්‍රිනිඩෑඩ්හී දී ආරම්භ වීමට නියමිත අතර, අවසන් 20යි 20 තරග දෙක අමෙරිකාවේ දී පැවැත්වීමට නියමිතයි.

20යි 20 තරගාවලිය ආරම්භ වීමට පෙර දෙරට අතර තරග 3කින් යුත් එක්දින තරගාවලියක් ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එක්දින තරගාවලිය සදහා ශිකර් ධවාන්ගේ නායකත්වයෙන් යුත් සංචිතයක් මීට පෙර ඉන්දියාව ප්‍රකාශයට පත් කළා.

20යි 20 සංචිතය –

Rohit Sharma (C), Ishan Kishan, KL Rahul, Suryakumar Yadav, Deepak Hooda, Shreyas Iyer, Dinesh Karthik, Rishabh Pant, Hardik Pandya, Ravindra Jadeja, Axar Patel, R Ashwin, Ravi Bishnoi, Kuldeep Yadav, Bhuvneshwar Kumar, Avesh Khan, Harshal Patel, Arshdeep Singh.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...