චන්දිමාල්ගෙන් ද්විත්ව ශතකයක් ; ඔස්ට්‍රේලියාව ඉනිමක පරාජයෙන් ගැළවීමේ සටනක

Date:

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමක පරාජයෙන් ගැලවීම සදහා ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ලකුණු 190 ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

ඒ, ගාල්ලේ පැවැත්වෙන තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ සිව්වැනි දිනය වූ අද දිනයේ දී සියලු දෙනා දැවී ලකුණු 554 ක් රැස් කිරීමත් සමගයි.

ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම බවට පත් වූ දිනේෂ් චන්දිමාල් සිය මංගල ද්විත්ව ශතකය වාර්තා කරමින් පන්දු 326 කින් ලකුණු 206 ක් නොදැවී රැස් කිරීමට සමත් වුණා. හයේ පහර 5ක් හා හතරේ පහර 16 ක් ඔහුගේ විශිෂ්ඨ ඉනිම වර්ණවත් කළා.

මෙය ශ්‍රී ලංකා පිතිකරුවෙකු ඔස්ට්‍රේලියාවට එරෙහිව වාර්තා කළ පළමු ද්විත්ව ශතකය වීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් දිමුත් කරුණාරත්න ලකුණු 86 ක් ද, කුසල් මෙන්ඩිස් ලකුණු 85 ක් ද, කමිදු මෙන්ඩිස් ලකුණු 61 ක් ද, ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 52 ක් ද ලබා ගත්තා.

පන්දු යැවීමේ දී මිචෙල් ස්ටක් කඩුලු 4ක් දවා ගත් අතර, මිචෙල් ස්වෙප්සන් කඩුලු 3 ක් බිද හෙලුවා. නේදන් ලයන් කඩුලු 2ක් දවා ගනිද්දී පැට් කමින්ස් එක් කඩුල්ලක් දවා ගත්තා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 364ක් රැස් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...