ශ්‍රී ලංකාව තවත් ලකුණු 102 ක් පිටුපසින්

Date:

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අදයි (10).

දිවා ආහාරය සදහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 3ක් දැවී ලකුණු 262 ක් ලබා සිටියා.

ඇන්ජෙලෝ මැතිව්ස් නොදැවී ලකුණු 49 ක් හා දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 29 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

දිනය ආරම්භයේ සිට දිවා ආහාරය දක්වා වූ කාලය තුළ දී ශ්‍රී ලංකාව එක් කඩුල්ලක් දැවී ලකුණු 78 ක් ලබා ගැනීමට සමත් වුණා.

අද දිනය ආරම්භ කරන විට ශ්‍රී ලංකාව කඩුලු 2 ක් දැවී ලකුණු 184 ක් ලබා සිටි අතර, දිනයේ පළමු කඩුල්ල ලෙස කුසල් මෙන්ඩිස් ලකුණු 85කට දැවී ගියා. ඒ, නේදන් ලයන් යොමු කළ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වෙමින්.

අනතුරුව චන්දිමාල් හා මැතිව්ස් අතර මේ වන විට සිව්වැනි කඩුල්ල සදහා ගොඩ නැගී ඇති සබදතාවය ලකුණු 76ක්.

ඉනිමේ පළමු කඩුල්ල ලෙස පැතුම් නිස්සංක ඊයේ දිනයේ දී ලකුණු 6ක් ලබා සිටියදී දැවී ගිය අතර, අනතුරුව දෙවැනි කඩුල්ල සදහා නායක දිමුත් කරුණාරත්න හා කුසල් මෙන්ඩිස් ලකුණු 152 ක සබදතාවයක් ගොඩ නැගුවා. දිමුත් දැවී ගියේ ලකුණු 86 ක් ලබා සිටියදීයි.

ගාල්ලේ දී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 364ක් රැස් කළා.

ඒ අනුව ශ්‍රී ලංකාව මේ වන විට පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 102 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...