එංගලන්තය 20යි 20 තරගාවලිය පරදියි ; ඉන්දියාවට ලකුණු 49ක ජයක්

Date:

එංගලන්තය සමග පැවැත්වෙන තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම අද(9) සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති දෙවැනි 20යි 20 තරගයෙන් ඉන්දියාව ලකුණු 49 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමත් සමගයි.

බර්මිංහැම්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 8ක් දැවී ලකුණු 170ක් ලබා ගත්තා.

නායක රෝහිට් ෂර්මා ලකුණු 31ක් රැස් කළ අතර, ඔහු සමග ඉනිම ආරම්භ කළ රිෂාබ් පාන්ට් ලකුණු 26කට දැවී ගියා. විරාට් කෝලි රැස් කළේ එක් ලකුණක් පමණයි.

සූර්යකුමාර් යාදව් ලකුණු 15 ක් ද, හර්ඩික් පාන්ඩ්යා හා දිනේෂ් කාර්තික් ලකුණු 12 බැගින් ද ලබා ගත්තා. හර්ෂාල් පටෙල් ලකුණු 13යි.

ඉන්දියාව ලකුණු 170 සීමාව කරා රැගෙන යාමට සමත් වූ රවීන්ද්‍ර ජඩේජා පන්දු 29කින් නොදැවී ලකුණු 46ක් රැස් කළා. ඒ, හතරේ පහර 5ක් සමගින්.

පන්දු යැවීමේ දී ක්‍රිස් ජෝර්ඩන් ලකුණු 27කට කඩුලු 4ක් දවා ගත් අතර, Richard Gleeson ලකුණු 15කට කඩුලු 3ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තයට පන්දුවාර 17ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 121ක් පමණයි.

මොයීන් අලී ලකුණු 35ක්, ඩේවිඩ් විලී නොදැවී ලකුණු 33ක්, ඩේවිඩ් මලාන් ලකුණු 19ක් හා ලියම් ලිවින්ග්ස්ටන් ලකුණු 15ක් රැස් කළා. සෙසු කිසිදු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාව ඉක්මවා යාමට හැකි වූයේ නැහැ.

පන්දු යැවීමේ දී බුවනේෂ්වර් කුමාර් කඩුලු 3ක් දවා ගත් අතර, ජස්ප්‍රිට් බුම්රා හා යුස්වේන්ද්‍ර චෙහල් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

ඒ අනුව මේ වන විට ඉන්දියාව තරග 2-0ක් ලෙස තරගාවලියේ පෙරමුණ හිමි කර ගෙන සිටින අතර, දෙරට අතර පැවැත්වෙන අවසන් 20යි 20 තරගය හෙට (10) මෙරට වේලාවෙන් රාත්‍රී 7ට නොටින්හැම් හී දී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...