Lizelle Lee ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දෙයි

Date:

දකුණු අප්‍රිකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකාරිණියක වන Lizelle Lee ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර තිබෙනවා.

එළඹෙන 11 වැනිදා එංගලන්තයට එරෙහිව තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියක් ආරම්භ වීමට නියමිතව ඇති පසුබිමකයි ඇය සිය තීරණය ප්‍රකාශයට පත් කර ඇත්තේ.

30 හැවිරිදි Lizelle Lee පසුගිය වසරේ දී අයි.සී.සී වසරේ ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස ද සම්මානයෙන් පිදුම් ලැබුවා.

ජාත්‍යන්තර පිටියෙන් සමු ගත්ත ද තමා තවදුරටත් ජාත්‍යන්තර 20යි 20 ලීග් තරගාවලි සදහා ක්‍රීඩා කිරීමට සූදානම් බවයි ඇය සදහන් කර ඇත්තේ.

Lizelle Lee 2013 වසරේ දී ජාත්‍යන්තර වරම් දිනා ගත් අතර, ටෙස්ට් තරග දෙකකදී, එක්දින තරග 100 කදී හා 20යි 20 තරග 82 කදී ඇය දකුණු අප්‍රිකාව නියෝජනය කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...