මංගල ඉනිමේ දී ප්‍රභාත්ගෙන් කඩුලු 6ක් ; ශ්‍රී ලංකාව 356 ක් පිටුපසින්

Date:

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අදයි. (9)

දිවා ආහාරය සදහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිට ශ්‍රී ලංකාව කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 8ක් ලබා සිටියා.

ගාල්ලේ දී පැවැත්වෙන තරගය අද දිනය සදහා ආරම්භ කරන විට තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිට ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 5ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 298ක්. ඔවුන්ගේ සියලු පිතිකරුවන් ලකුණු 364ක් ලෙස සටහන්ව තිබියදී දැවී ගියා.

සිය 28 වැනි ටෙස්ට් ශතකය වාර්තා කළ ස්ටීවන් ස්මිත් නොදැවී ලකුණු 145 යි. ඔහුගේ ඉනිමට හතරේ පහර 16ක් ඇතුළත්.

දිනයේ පළමු කඩුල්ල ලෙස ලකුණු 28ක් ලබා සිටි ඇලෙක්ස් කෙරී දැවී ගියා. අනතුරුව මිචෙල් ස්ටක් එක් ලකුණකට දැවී ගියේ මෙම තරගයේ දී ටෙස්ට් වරම් දිනූ ප්‍රභාත් ජයසූරියට සිය මංගල කඩුලු පහේ අවස්ථාව සනිටුහන් කිරීමට අවස්ථාව සළස්වමින්.

පැට් කමින්ස් ලකුණු 5කටත්, නේදන් ලයන් ලකුණු 5කටත්, මිචෙල් ස්වෙප්සන් ලකුණු 3 කටත් දැවී ගියා. ස්වෙප්සන් දැවී ගියේ මහීෂ් තීක්ෂණගේ මංගල ටෙස්ට් කඩුල්ල බවට පත් වෙමින්.

ඔස්ට්‍රේලියානු ඉනිම වෙනුවෙන් මර්නස් ලබුෂේන් ලකුණු 104 ක් වාර්තා කළා. එය ඔහු සිය රටින් පිටතදී වාර්තා කළ පළමු ශතකයයි. උස්මාන් කවාජා ලකුණු 37 යි.

පන්දු යැවීමේ දී ප්‍රභාත් ජයසූරිය ලකුණු 118කට කඩුලු 6ක් දවා ගත්තා. කසුන් රාජිත කඩුලු 2ක් බිද හෙලූ අතර, රමේෂ් මෙන්ඩිස් හා මහීෂ් තීක්ෂණ අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

ඒ අනුව ශ්‍රී ලංකාව මේ වන විට පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 356 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...