ස්මිත්ගේ හා ලබුෂේන්ගේ ශතක හමුවේ පළමු දිනයේ වැඩි ගෞරව ඔස්ට්‍රේලියාවට

Date:

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද (8) ගාල්ලේ දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියානු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඒ අනුව පළමු දිනය සදහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඔස්ට්‍රේලියාව කඩුලු 5ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 298ක්.

නොදැවී පන්දුවට පහර දෙන ස්ටීවන් ස්මිත් ලකුණු 109ක් හා ඇලෙක්ස් කෙරී ලකුණු 16ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා. ස්මිත් අද වාර්තා කළේ සිය 28 වැනි ටෙස්ට් ශතකයයි. ඔහුගේ නොදැවුණු ඉනිමට හතරේ පහරවල් 14 ක් ඇතුළත්.

මර්නස් ලබුෂේන් සිය 7 වැනි ටෙස්ට් ශතකය වාර්තා කිරීමට අද සමත් වුණා. ඔහු ලබා ගත් ලකුණු සංඛ්‍යාව 104 ක්. ලබුෂේන් ලකුණු 28ක් ලබා සිටියදී ස්ටම්ප් කිරීමකට හසු කර ගනිමින් දවා ගැනීමට ලද අවස්ථාවක් නිරෝෂන් දික්වැල්ල අතින් ගිලිහී ගියා. කැමරන් ග්‍රීන් ද ස්ටම්ප් කිරීමකට හසු කර ගැනීමට තිබූ අවස්ථාවක් අද දිනයේ දී දික්වැල්ල අතින් ගිලිහී යාම කැපී පෙනෙන සිදුවීමක් බවට පත් වුණා. මෙම ටෙස්ට් තරගාවලියේ දී මේ වන විට ස්ටම්ප් කිරීමේ අවස්ථා 4ක් ඔහු අතින් ගිලිහී ගොස් තිබෙනවා.

ඉනිමේ පළමු කඩුල්ල ලෙස ඩේවිඩ් වෝනර් ලකුණු 5කට දවා ගැනීමට කසුන් රාජිත සමත් වූ අතර, උස්මාන් කවාජා ලකුණු 37 කට දැවී ගියා. අනතුරුව ස්මිත් හා ලබුෂේන් අතර තෙවැනි කඩුල්ලට ගොඩ නැගුණු සබදතාවය ලකුණු 134 ක්.

ට්‍රැවිස් හෙඩ් ලකුණු 12කටත්, කැමරන් ග්‍රීන් ලකුණු 4කටත් දැවී ගියා.

පන්දු යැවීමේ දී සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ප්‍රභාත් ජයසූරිය ලකුණු 90කට කඩුලු 3ක් දවා ගැනීමට සමත්ව තිබෙනවා.

කසුන් රාජිත හා රමේෂ් මෙන්ඩිස් අතරේ ද එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...