ඉන්දීය එක්දින නායකත්වය ශිකර් ධවාන්ට

Date:

එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයට ඇතුළත් තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ දී ඉන්දීය කණ්ඩායමේ නායකත්වය ශිකර් ධවාන්ට හිමිව තිබෙනවා.

ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් සංචිතයේ උප නායකයා ලෙස කටයුතු කරන්නේ තුන් ඉරියව් ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජා.

ඒ අනුව නිත්‍ය නායක රෝහිට් ෂර්මා, හිටපු නායක විරාට් කෝලි, ජස්ප්‍රිට් බුම්රා, රිෂාබ් පාන්ට්, හර්ඩික් පාන්ඩ්යා, මොහොමඩ් ෂාමි මෙන්ම ආබාධයකට ලක්ව සිටින කේ.එල් රාහුල් යන ක්‍රීඩකයින් මෙම සංචිතයට ඇතුළත්ව නැහැ.

ශිකර් ධවාන් පසුගිය වසරේ දී ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකාවේ සිදු කළ තරග සංචාරයේ දී ද එක්දින තරගාවලියේ දී නායකත්වය දරනු ලැබුවා.

2020 වසරේ සිදු කළ ඔස්ට්‍රේලියානු තරග සංචාරයෙන් පසුව පළමු වරට ෂුබ්මන් ගිල් එරට එක්දින සංචිතයට කැදවා තිබීම ද විශේෂත්වයක්.

සංජු සැම්සන් යළිත් සංචිතයට නම් කර ඇති අතර, එංගලන්තයට එරෙහි ඉන්දීය එක්දින සංචිතයට ඇතුළත් වේග පන්දු යවන ක්‍රීඩක අර්ෂ්දීප් සිං ද සංචිතයේ සිය ස්ථානය රැක ගෙන තිබෙනවා.

කොදෙව් තරග සංචාරයේ එක්දින තරගාවලිය ජූලි 22 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

අනතුරුව දෙරට අතර තරග 5කින් යුත් 20යි 20 තරගාවලියක් පැවැත්වෙන අතර, එහි අවසන් 20යි 20 තරග දෙක අමෙරිකාවේ දී පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

ODI squad:
Shikhar Dhawan (C), Ravindra Jadeja (VC), Ruturaj Gaikwad, Shubman Gill, Deepak Hooda, Suryakumar Yadav, Shreyas Iyer, Ishan Kishan (WK), Sanju Samson (WK), Shardul Thakur, Yuzvendra Chahal, Axar Patel, Avesh Khan, Prasidh Krishna, Mohd Siraj, Arshdeep Singh

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...