ඉන්දියාවේ ප්‍රසාද ලකුණු දෙකක් කපා හරියි

Date:

අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ඉන්දියාව අභිබවා තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට පාකිස්තානය සමත්ව තිබෙනවා.

ඒ, ඉන්දීය කණ්ඩායමට හිමි ප්‍රසාද ලකුණු දෙකක් කපා හැරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය පියවර ගැනීම හේතුවෙන්.

එංගලන්තය සමග ඊයේ(5) නිමා වූ පස්වැනි ටෙස්ට් තරගයේ දී නියමිත කාලය තුළ දී යැවිය යුතු පන්දුවාර සංඛ්‍යාවට වඩා ඔවුන් පන්දුවාර දෙකක් පිටුපසින් පසු වීම හේතුවෙනුයි එලෙස ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනෙන් ඉන්දියාවට හිමි ප්‍රසාද ලකුණු දෙකක් කපා හැරීමට පියවර ගෙන ඇත්තේ.

ඊට අමතරව ඉන්දීය ක්‍රීඩකයින්ට තරග ගාස්තුවෙන් 40% ක දඩ මුදලක් ද නියම කර තිබෙනවා.

මේ වන විට ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනට අනුව ඉන්දියාව සිව්වැනි ස්ථානයේ රැදී සිටිනවා.

එහි පෙරමුණ ඔස්ට්‍රේලියාවට හිමිව ඇති අතර, ශ්‍රී ලංකාව රැදී සිටින්නේ 6 වැනි ස්ථානයේයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...