ඉන්දුනීසියාව පළමු වරට ක්‍රිකට් ලෝක කුසලානයකට

Date:

පළමු වරට සංවිධාන කරන අයි.සී.සී වයස අවුරුදු 19න් පහළ කාන්තා පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගැනීමට ඉන්දුනීසියානු යොවුන් කාන්තා කණ්ඩායම සමත් වුණා.

ඒ, නැගෙනහිර ආසියා පැසිෆික් කලාපයෙන් ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබන කණ්ඩායම තේරීම සදහා පැවැති සුදුසුකම් ලැබීමේ තරගාවලියකින් ජය ගැනීමත් සමගයි.

මෙය ඉන්දුනීසියා කණ්ඩායමක් අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියක් සදහා සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව වීම විශේෂත්වයක්.

වයස අවුරුදු 19න් පහළ කාන්තා පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය ලබන වසරේ දී දකුණු අප්‍රිකාවේ දී පැවැත්වීමට නියමිතයි.

සුදුසුකම් ලැබීමේ තරගාවලියට අයත් වූ තරග තුනේ ලකුණු සාරාංශය –

Match 1 : Indonesia 105/9 (20) defeated Papua New Guinea 68 all out (17.3) by 37 runs
Match 2 : Papua New Guinea 72/6 (18.5) defeated Indonesia 69/9 (20) by four wickets
Match 3 : Indonesia 89/8 (20) defeated Papua New Guinea 87 all out (19.2) by two runs

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...