ඉන්දියාව අන්ත අසරණ කරමින් එංගලන්තයෙන් වාර්තාගත හඹා යාමක් ; තරගාවලියත් සම වෙයි

Date:

ඉන්දියාව සමග පැවැති පස්වැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 7ක සුපිරි ජයග්‍රහනයක් වාර්තා කරමින් දෙරට අතර පැවැති තරග 5කින් යුත් ටෙස්ට් තරගාවලිය තරග 2-2ක් ලෙස සම තත්ත්වයෙන් අවසන් කර ගැනීමට එංගලන්තය අද(5) සමත් වුණා.

බර්මිංහැම්හි පැවැති තරගය ජය ගැනීම සදහා දෙවැනි ඉනිමේ දී ලකුණු 378ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය එංගලන්තය කඩුලු 3ක් පමණක් දැවී තරගයේ ජය තහවුරු කර ගත්තා.

මෙය කණ්ඩායමක් විසින් ටෙස්ට් ඉතිහාසයේ හඹා ගොස් තරගයක් ජය ගත් 8 වැනි ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි ඉතිහාසගත වුණේ.

එමෙන්ම එංගලන්තය ටෙස්ට් ඉතිහාසයේ දී හඹා ගොස් තරගයක් ජය ගත් ඉහළම ලකුණු සංඛ්‍යාව වන්නේ ද මෙම ලකුණු ප්‍රමාණයයි.

තවද ඉන්දියාවට එරෙහිව ටෙස්ට් තරගයක් ජය ගැනීමට ඕනෑම කණ්ඩායමක් සාර්ථකව හඹා ගිය ඉහළම ලකුණු ප්‍රමාණය ලෙස ද මෙය වාර්තා අතරට එක් වුණා.

තරගය අවසන් දිනය සදහා අද ආරම්භ කරන විට එංගලන්තය කඩුලු 3ක් දැවී ලකුණු 259ක් ලබා සිටියා. ඒ අනුව ඔවුන්ට තරගය ජය ගැනීමට තවත් ලකුණු 119ක් ලබා ගත යුතුව තිබූ අතර, ඔවුන් අද දිනයේ දී කිසිදු කඩුල්ලක් නොදැවී එම ඉලක්කය සපුරා ගැනීමට සමත් වුණා.

සිය 28 වැනි ටෙස්ට් ශතකය වාර්තා කළ ජෝ රූට් නොදැවී ලකුණු 142ක් හා සිය 11 වැනි ටෙස්ට් ශතකය වාර්තා කළ ජොනී බෙයාර්ස්ටව් නොදැවී ලකුණු 114ක් ලබා ගනිමින් එංගලන්තයට වාර්තාගත ජයක් හිමි කර දුන්නා. බෙයාර්ස්ටව් එංගලන්ත පළමු ඉනිමේ දී ද ශතකයක් (106) වාර්තා කිරීමට සමත් වීම විශේෂත්වයක්.

ඔවුන් දෙදෙනා අතර සිව්වැනි කඩුල්ල සදහා ගොඩ නැගුණු නොබිදුණු සබදතාවය ලකුණු 269ක්.

එංගලන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වූ ඇලෙක්ස් ලීස් හා සැක් ක්‍රව්ලි පළමු කඩුල්ල සදහා ලකුණු 107ක සබදතාවයක් ගොඩ නැගුවා. ක්‍රව්ලි ලකුණු 46කට දැවී ගිය අතර, ලීස් ලකුණු 56 යි. ඔලී පෝප් ලකුණු ලබා ගැනීමට පෙර දැවී ගියා. පන්දු යැවීමේ දී ජස්ප්‍රිට් බුම්රා කඩුලු 2ක් දවා ගත්තා.

තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ඉන්දියාව සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 416ක්.

පිළිතුරු ලෙස සිය පළමු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය සියලු දෙනා දැවී ලකුණු 284ක් ලබා ගත්තා.

අනතුරුව ඉන්දියාව සිය දෙවැනි ඉනිම සදහා සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 245 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...