මැතිව්ස්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්

Date:

ඔස්ට්‍රේලියාව සමග ගාල්ලේ දී පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී කොවිඩ් 19 ආසාදනය වූ ශ්‍රී ලංකා මැදපෙල පිතිකරු ඇන්ජෙලෝ මැතිව්ස් මේ වන විට සම්පූර්ණයෙන් සුවය ලබා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ඒ අනුව ඔහුට එළඹෙන 8 වැනිදා ගාල්ලේ දී ම ආරම්භ වීමට නියමිත දෙවැනි හා අවසන් ටෙස්ට් තරගය සදහා ක්‍රීඩා කිරීමේ හැකියාව පවතින බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඒ සදහා අවශ්‍ය වෛද්‍ය නිර්දේශ මේ වන විට ලැබී තිබෙනවා.

ඒ අනුව ඔහු අද දිනයේ දී සංචිතයේ සෙසු සාමාජිකයින් සමග එක්වීමට නියමිතයි.

පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය ආරම්භ වීමට පෙර ඔහුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව හදුනා ගැණුනු අතර, ඒ හේතුවෙන් මැතිව්ස්ට එම තරගය අතරතුරදී තරගයෙන් ඉවත් වීමට සිදු වුණා.

ඔහු වෙනුවට කොවිඩ් ක්‍රීඩක ආදේශ කිරීම් යටතේ ඕෂද ප්‍රනාන්දු එම තරගය සදහා වූ ශ්‍රී ලංකා කණ්ඩායමට නම් කිරීමටයි පියවර ගත්තේ.

අනතුරුව මැතිව්ස් දින පහක කාලයක් හුදෙකලා කිරීමට ද කටයුතු කෙරුණා.

මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද පෙරවරුවේ නිවේදනය කළේ ඔස්ට්‍රේලියාවට එරෙහි දෙවැනි හා අවසන් ටෙස්ට් තරගය අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට වෙනස්කම් කිහිපයක් සිදු කර ඇති බවයි.

ඒ අනුව දග පන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණිය සංචිතයෙන් නිදහස් කිරීමට පියවර ගෙන තිබූ අතර, මහීෂ් තීක්ෂණ, ලක්ෂිත මනසිංහ හා දුනිත් වෙල්ලාලගේ යන ක්‍රීඩකයින් සංචිතයට කැදවීමටයි පියවර ගැණුනේ.

ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රමට ද කොවිඩ් 19 ආසාදනය වී ඇති බව ඊයේ හදුනා ගැනුණා.

ඔහු මේ වන විට දින පහක කාලයක් හුදෙකලා කර ඇති බැවින් ඔහුට ද දෙවැනි ටෙස්ට් තරගය අහිමි වනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...