දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෙකුත් ජැෆ්නා කිංග්ස් සමග එක්වෙයි

Date:

දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක හර්ඩස් විල්ජොයින් මෙවර ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමග එක්ව තිබෙනවා.

LPL තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාව (Draft) අද(5) පස්වරුවේ සිදු කෙරෙන අතර, ඊට පෙර සෑම කණ්ඩායමකටම විදෙස් ක්‍රීඩකයින් දෙදෙනෙකු හා දේශීය ක්‍රීඩකයින් දෙදෙනෙකු සමග සෘජුවම ගිවිසුම්ගත වීමේ අවස්ථාව ලබා දී තිබුණා.

ඒ අනුවයි එලෙස සෘජුවම ගිවිසුම්ගත වූ ක්‍රීඩකයෙකු ලෙස හර්ඩස් විල්ජොයින් සිය කණ්ඩායමට මිලදී ගැනීමට කිංග්ස් කළමණාකාරීත්වය පියවර ගෙන ඇත්තේ.

33 හැවිරිදි හර්ඩස් විල්ජොයින් ඉන්දීය ප්‍රිමියර් ලිග් තරගාවලියේ දී කිංග්ස් XI පංජාබ් කණ්ඩායම ද නියෝජනය කර තිබුණා.

ඔහුට අමතරව බටහිර ඉන්දීය කොදෙව් ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වන එවින් ලුවිස් සමග ද සෘජුව ගිවිසුම්ගත වීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පියවර ගෙන තිබෙනවා.

කණ්ඩායම් පහේ කළමණාකාරීත්වය හා තරගාවලියේ සංවිධායකයින්ගේ සහභාගීත්වයෙන් අද පස්වරු 5 සිට ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ කටයුතු අතථ්‍ය (Virtual) ක්‍රමවේදය ඔස්සේ සිදු කිරීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

විදෙස් ක්‍රීඩකයින් 180 දෙනෙකු හා දේශීය ක්‍රීඩකයින් 173 දෙනෙකු සමගින් සමස්ත ක්‍රීඩකයින් 353 දෙනෙකු ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාව සදහා ඉදිරිපත් කෙරෙනවා.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි අදියර ජූලි 31 වැනිදා සිට අගෝස්තු 21 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...