ලසිත් නිදහස් කරයි ; ටෙස්ට් සංචිතයට ක්‍රීඩකයින් තිදෙනෙකු කැදවයි

Date:

ඔස්ට්‍රේලියාවට එරෙහි දෙවැනි හා අවසන් ටෙස්ට් තරගය අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව පළමු ටෙස්ට් තරගයේ දී සුපුරුදු දක්ෂතා අතරට පැමිණීමට නොහැකි වූ දග පන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණිය සංචිතයෙන් නිදහස් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ටෙස්ට් සංචිතය සදහා ක්‍රීඩකයින් තිදෙනෙකු කැදවීමට ද පියවර ගෙන තිබීම විශේෂත්වයක්.

ඒ අනුව මහීෂ් තීක්ෂණ, ලක්ෂිත මනසිංහ හා දුනිත් වෙල්ලාලගේ යන ක්‍රීඩකයින් සංචිතයට නම් කිරීමටයි තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

ඔවුන් ඊයේ(4) දිනයේ දී සංචිතය සමග එක්ව ඇති බව ද ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

මේ අතර, ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රමට ද කොවිඩ් 19 ආසාදනය වී ඇති බව ඊයේ හදුනා ගැනුණා.

ඔහු මේ වන විට දින පහක කාලයක් හුදෙකලා කර ඇති බැවින් ඔහුට ද දෙවැනි ටෙස්ට් තරගය අහිමි වනු ඇති.

පළමු ටෙස්ට් තරගය අතරතුර දී මැදපෙල පිතිකරු ඇන්ජෙලෝ මැතිව්ස්ට ද කොවිඩ් 19 ආසාදනය වුණා.

දෙරට අතර පැවැත්වෙන අවසන් ටෙස්ට් තරගය එළඹෙන 8 වැනිදා ගාල්ලේ දී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...