එංගලන්තය ජයග්‍රහනයට ලකුණු 119ක් පිටුපසින්

Date:

එංගලන්තය හා ඉන්දියාව අතර පැවැත්වෙන පස්වැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අද (4) නිමා වුණේ තරගයේ ජයග්‍රහනය පිළිබද වැඩි බලාපොරොත්තු එංගලන්තය වෙත නතු කරමින්.

දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 378ක දැවැන්ත ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටි එංගලන්තය කඩුලු 3ක් දැවී ලකුණු 259ක් ලබා සිටියා.

ඒ අනුව ඔවුන් තරගය ජය ගනිමින් තරගාවලිය තරග 2-2ක් ලෙස සම තත්ත්වයෙන් අවසන් කර ගැනීමටනම් හෙට දිනයේ දී තවත් ලකුණු 119ක් ලබා ගත යුතුයි.

නොදැවී පන්දුවට පහර දෙන ජෝ රූට් ලකුණු 76ක් හා ජොනී බෙයාර්ස්ටව් ලකුණු 72ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

එංගලන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වූ ඇලෙක්ස් ලීස් හා සැක් ක්‍රව්ලි පළමු කඩුල්ල සදහා ලකුණු 107ක සබදතාවයක් ගොඩ නැගුවා. ජස්ප්‍රිට් බුම්රාගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් ක්‍රව්ලි ලකුණු 46කට දැවී ගිය අතර, ලීස් ලකුණු 56 කට දුවද්දී දැවී ගියා. ඔලී පෝප් ලකුණු ලබා ගැනීමට පෙර දවා ගැනීමට සමත් වුණේ ද ජස්ප්‍රිට් බුම්රා විසින්.

අද දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව කඩුලු 3ක් දැවී ලකුණු 125ක් ලබා සිටියා. ඔවුන් අද දිනයේ දී සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 245 ක්.

චෙටස්වර් පුජාරා ලකුණු 66ක් රැස් කළ අතර, රිෂාබ් පාන්ට් ලකුණු 57යි. පන්දු යැවීමේ දී බෙන් ස්ටොක්ස් කඩුලු 4ක් දවා ගත්තා. ස්ටුවට් බ්‍රෝඩ් හා මැතිව් පොට්ස් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

බර්මිංහැම් හි දී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ඉන්දියාව සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 416ක්.

අනතුරුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය සියලු දෙනා දැවී ලකුණු 284ක් ලබා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...