දුනිත් වෙල්ලාලගේ LPL ක්‍රීඩක කෙටුම්පත් කිරීමට පෙරම අලෙවි වෙයි

Date:

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ යොවුන් තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ මෙවර ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාවට පෙරම කණ්ඩායමක් විසින් මිලදී ගැනීමට කටයුතු කර තිබෙනවා.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තෙවැනි අදියරේ ක්‍රීඩක කෙටුම්පත් කිරීම (Draft) හෙවෙත් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ අවස්ථාව හෙට (5) පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

ඊට පෙර පසුගිය තරග වාරයේ දී සිය සංචිතයට ඇතුළත්ව සිටි ක්‍රීඩකයින් 6 දෙනෙකු උපරිම වශයෙන් කණ්ඩායමේ රදවා ගැනීමේ අවස්ථාව සියලු කණ්ඩායම් වෙත ලබා දී තිබූ අතර, රදවා තබා ගත හැකි උපරිම විදෙස් ක්‍රීඩකයින් සංඛ්‍යාව දෙදෙනෙක්.

එමෙන්ම කෙටුම්පත් කිරීමේ අවස්ථාවට පෙර සෑම කණ්ඩායමකටම විදෙස් ක්‍රීඩකයින් දෙදෙනෙකු හා දේශීය ක්‍රීඩකයින් දෙදෙනෙකු සමග සෘජුවම ගිවිසුම්ගත වීමේ අවස්ථාව ද පවතිනවා.

එලෙස සෘජුවම ගිවිසුම් අත්සන් කළ ක්‍රීඩකයෙකු ලෙසයි දුනිත් වෙල්ලාලගේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමග එක්වී ඇත්තේ.

කණ්ඩායම් කළමණාකාරීත්වය හා තරගාවලියේ සංවිධායකයින්ගේ සහභාගීත්වයෙන් හෙට පස්වරු 5 සිට ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ කටයුතු අතථ්‍ය (Virtual) ක්‍රමවේදය ඔස්සේ සිදු කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ විදෙස් ක්‍රීඩකයින් 180 දෙනෙකු හා දේශීය ක්‍රීඩකයින් 173 දෙනෙකු සමගින් සමස්ත ක්‍රීඩකයින් 353 දෙනෙකු ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාව සදහා ඉදිරිපත් කෙරෙන බවයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...