තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුට කොරෝනා ; දෙවැනි ටෙස්ට් තරගයත් අහිමි වෙයි

Date:

ඔස්ට්‍රේලියාවට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ රැදී සිටින දග පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රමට ද කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා.

අද පෙරවරුවේ සිදු කෙරුණු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකදී ඒ බව අනාවරණය වූ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඔහු අසනීප තත්ත්වයකින් පසුවීම මත එම වෛද්‍ය පරීක්ෂණය සිදු කර තිබුණා.

ඒ අනුව වහාම ප්‍රවීන් ජයවික්‍රම සෙසු ක්‍රීඩකයින්ගෙන් හුදෙකලා කර තැබීමට පියවර ගෙන ඇති බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියේ.

දින පහක කාලයක් ඔහු එලෙස හුදෙකලා කර තැබීමට නියමිතයි.

ඒ අනුව එළඹෙන 8 වැනිදා ගාල්ලේ දී ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව ද ඔහුට අහිමි වනු ඇති.

මේ අතර, ශ්‍රී ලංකා කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින් හා සහාය කාර්යය මණ්ඩල සාමාජිකයින් ද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකට ලක් කර ඇති අතර, ඔවුන් සියලු දෙනාට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබෙනවා.

දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකා මැදපෙල පිතිකරු ඇන්ජෙලෝ මැතිව්ස්ට ද කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට හදුනා ගැණුනා.

ඒ හේතුවෙන් ඔහුට තරගයේ තෙවැනි දිනය සදහා ක්‍රීඩා කිරීමට නොහැකි වූ අතර, ඔහු වෙනුවට ඕෂද ප්‍රනාන්දු කොවිඩ් ක්‍රීඩක ආදේශ කිරීම් යටතේ ශ්‍රී ලංකා කණ්ඩායමට නම් කිරීමටයි පියවර ගැණුනේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...