Watch : බුම්රාගේ සුපිරි පන්දුවක් නිදැල්ලේ යැවූ ක්‍රව්ලිට වුණ දේ

Date:

එංගලන්තය හා ඉන්දියාව අතර පැවැත්වෙන පස්වැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අදයි.

දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව කඩුලු 3ක් දැවී ලකුණු 125ක් ලබා සිටි අතර, ඔවුන් අද දිනයේ දී සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 245 ක්.

චෙටස්වර් පුජාරා ලකුණු 66ක් රැස් කළ අතර, රිෂාබ් පාන්ට් ලකුණු 57යි.

පන්දු යැවීමේ දී බෙන් ස්ටොක්ස් කඩුලු 4ක් දවා ගත්තා. ස්ටුවට් බ්‍රෝඩ් හා මැතිව් පොට්ස් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

ඒ අනුව බර්මිංහැම්හි පැවැත්වෙන මෙම තරගය ජය ගනිමින් තරගාවලිය තරග 2-2ක් ලෙස සම මට්ටමෙන් අවසන් කර ගැනීම සදහා එංගලන්තයට සිය දෙවැනි ඉනිමේ දී හිමි වූ ජයග්‍රාහී ඉලක්කය ලකුණු 378ක්.

වාර්තාගත හඹා යාමක් වෙනුවෙන් පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වූ ඇලෙක්ස් ලීස් හා සැක් ක්‍රව්ලි පළමු කඩුල්ල සදහා ලකුණු 107ක සබදතාවයක් ගොඩ නැගුවා.

ක්‍රව්ලි ලකුණු 46කට දැවී යාමත් සමගයි එම සබදතාවය බිද වැටුණේ.

ජස්ප්‍රිට් බුම්රා යොමු කළ පන්දුවක් නිදැල්ලේ යැවීමට ගත් උත්සාහයකදී පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙනුයි සැක් ක්‍රව්ලිට යළි ක්‍රීඩාගාරය වෙත ගමන් කිරීමට සිදු වුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...