ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට කඩුලු 10ක දරුණු පරාජයක්

Date:

සංචාරක ඉන්දීය කාන්තා කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදී ම ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද(4) පරාජයට පත් වුණා.

ඒ, දෙරට අතර පැවැති දෙවැනි එක්දින තරගයෙන් ඉන්දීය ක්‍රීඩිකාවන් කඩුලු 10ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට පන්දුවාර 50 අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 173ක් පමණයි.

මෙම තරගයේ දී එක්දින ජාත්‍යන්තර වරම් දිනා ගත් 16 හැවිරිදි විශ්මි ගුණරත්න ලකුණු 3කට දැවී ගියා. නායිකා චමරි අතපත්තු ලකුණු 27යි.

අමා කංචනා නොදැවී ලකුණු 47යි. නිලක්ෂි ද සිල්වා ලකුණු 32ක් ද, අනුෂ්කා සංජීවනී ලකුණු 25ක් ද රැස් කළා.

පන්දු යැවීමේ දී Renuka Singh කඩුලු 4ක් දවා ගත් අතර, Meghna Singh හා Deepti Sharma කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව පන්දුවාර 25.4ක් අවසානයේ කිසිදු කඩුල්ලක් නොදැවී ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියා.

Shafali Verma නොදැවී ලකුණු 71ක් හා Smriti Mandhana නොදැවී ලකුණු 94ක් ලබා ගනිමින් ඉන්දියාව පහසු ජයග්‍රහනයක් කරා රැගෙන ගියා.

ඒ අනුව ඉන්දියාව මේ වන විට තරග 2-0ක් ලෙස තරගාවලියේ පෙරමුණ හිමි කර ගෙන සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...