බ්‍රෙන්ඩන් හා පවෙල්ගේ සුපිරි ප්‍රහාරය කොදෙව්වන්ට පහසු ජයක් ගෙන එයි

Date:

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැති දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 35ක ජයක් වාර්තා කරමින් දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය තරග 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මෙරට වේලාවෙන් අද(4) අලුයම සමත් වුණා.

තරගාවලියේ පළමු තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රතිපලයකින් තොරව නිමා වූ අතර, දෙවැනි 20යි 20 තරගය Dominica හි Windsor Park ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණේ කාසියේ වාසිය දිනූ කොදෙව්වන් පළමුව පන්දුවට පහර දීමට ගත් තීරණයත් සමගින්.

ඒ අනුව කොදෙව් පිතිකරුවන් නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 5ක් දැවී ලකුණු 193ක් ලබා ගනිමින්.

බ්‍රෙන්ඩන් කිංග් ලකුණු 57යි. පන්දු 43කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 7ක් ඇතුළත්.

නායක නිකලස් පූරාන් ලකුණු 34(30)කට දැවී ගියා. වේගවත් ඉනිමක නිරත වූ රොව්මන් පවෙල් පන්දු 28ක් පමණක් වැය කරමින් නොදැවී ලකුණු 61 ක් ලබා ගත්තේ කොදෙව් ලකුණු පුවරුව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යමින්. හයේ පහර 6ක් හා හතරේ පහර 2ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා.

පන්දු යැවීමේ දී ශොරිෆුල් ඉස්ලාම් කඩුලු 2ක් දවා ගත් අතර, මෙහෙදි හසාන්, ශකිබ් අල් හසාන් හා මොසඩෙක් හොසේන් එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශයට නියමිත පන්දුවාර සංඛ්‍යාව අවසන් වන විට කඩුලු 6ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 158ක් පමණයි.

ශකිබ් අල් හසාන් පන්දු 52කින් නොදැවී ලකුණු 68ක් වාර්තා කළ ද, සෙසු පිතිකරුවන්ගෙන් ලද සහයෝගය ප්‍රමාණවත් නොවීම මත බංග්ලාදේශයට තරගයේ ජයග්‍රහනය අසලට හෝ ළගා වීමට හැකි වූයේ නැහැ. හයේ පහර 3ක් හා හතරේ පහර 5ක් ශකිබ්ගේ ඉනිමට ඇතුළත්.

අෆිෆ් හොසේන් පන්දු 27කින් ලකුණු 34ක් රැස් කළා. පන්දු යැවීමේ දී කොදෙව්වන් වෙනුවෙන් ඔබෙඩ් මැකෝයි හා රොමාරියෝ ෂෙපර්ඩ් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...