බෙයාර්ස්ටව්ගේ ශතකය අභිබවා තරගයේ පාලනය තවදුරටත් ඉන්දියාව යටතට

Date:

සංචාරක ඉන්දීය කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පස්වැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය නිමා වන විට ද තරගයේ වැඩි ගෞරව තමන් සතු කර ගැනීමට ඉන්දියාව සමත්ව සිටියා.

දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දීය කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 125ක් ලබා සිටි අතර, ඒ අනුව ඔවුන් මේ වන විට එංගලන්ත පළමු ඉනිමට වඩා ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 257ක්.

නොදැවී පන්දුවට පහර දෙන චෙටස්වර් පුජාරා ලකුණු 50ක් හා රිෂාබ් පාන්ට් ලකුණු 30ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

ෂුබ්මන් ගිල් ලකුණු 4කටත්, හනුමා විහාරි ලකුණු 11කටත්, විරාට් කෝලි ලකුණු 20කටත් දැවී ගියා.

පන්දු යැවීමේ දී ජේම්ස් ඇන්ඩර්සන්, ස්ටුවට් බ්‍රෝඩ් හා බෙන් ස්ටොක්ස් කඩුල්ල බැගින් දවා ගත්තා.

තෙවැනි දිනය සදහා තරගය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය කඩුලු 5ක් දැවී ලකුණු 84ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 284ක්.

යළිත් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ජොනී බෙයාර්ස්ටව් පන්දු 140කින් ලකුණු 106ක් රැස් කළා. ඔහුගේ ඉනිමට හයේ පහර 2ක් හා හතරේ පහර 14ක් ඇතුළත්.

ඔහු නවසීලන්තය සමග නිමා වූ අවසන් ටෙස්ට් තරග දෙකේ දී ද ශතක වාර්තා කළ පසුබිමකයි අද දිනයේ දී ද විශිෂ්ඨ ශතකයක් වාර්තා කරමින් එංගලන්ත ඉනිමට යම් සහනයක් ලබා දුන්නේ.

සෑම් බිලින්ග්ස් ලකුණු 36ක් හා ජෝ රූට් ලකුණු 31ක් රැස් කළා. පන්දු යැවීමේ දී මොහොමඩ් සිරාජ් කඩුලු 4ක් දවා ගත් අතර, ජස්ප්‍රිට් බුම්රා කඩුලු 3ක් බිද හෙලුවා.

බර්මිංහැම් හි දී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ඉන්දියාව සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 416ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...