ප්‍රබලයින් දෙදෙනෙකුගේ LPL කණ්ඩායම් මාරු වෙයි

Date:

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා ප්‍රධාන ක්‍රීඩකයින් දෙදෙනෙකු පසුගිය තරග වාරයේ දී ක්‍රීඩා කළ කණ්ඩායම් දෙක වෙනුවට වෙනත් කණ්ඩායම් දෙකක් සදහා ක්‍රීඩා කිරීමට නියමිතව ඇති බව වාර්තා වනවා.

සුපිරි දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග හා ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂ මෙලෙස වෙනත් කණ්ඩායම් සදහා ක්‍රීඩා කිරීමට නියමිතව ඇති බවයි වාර්තා වුණේ.

වනිදු මීට පෙර පැවැති LPL තරගාවලි ද්විත්වයේ දී ජැෆ්නා කිංග්ස් (ස්ටෑලියන්ස්) කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ අතර, භානුක ක්‍රීඩා කළේ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සදහායි.

භානුක පසුගිය තරග වාරයේ දී ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ නායකත්වය ද දරනු ලැබුවා.

2020 තරග වාරයේ වැඩිම කඩුලු ලාභියා (කඩුලු 17) වූ වනිදු හසරංග මේ වන විට LPL තරග පිටියේ වැඩිම කඩුලුලාභියා (කඩුලු 28) ද වනවා.

වනිදු මෙවර තරගාවලියේ දී කැන්ඩි වොරියර්ස් කණ්ඩායම සදහාත්, භානුක දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම සදහාත් ක්‍රීඩා කිරීමට නියමිතව ඇති බවට ද තොරතුරු වාර්තා වන නමුත්, මෙතෙක් එම තොරතුරු නිල වශයෙන් සනාථ වී නැහැ.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි අදියරේ ක්‍රීඩක කෙටුම්පත් කිරීම (Draft) හෙවෙත් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ අවස්ථාව ඉදිරියේ දී පැවැත්වීමට නියමිතව ඇති අතර, ඊට පෙර පසුගිය තරග වාරයේ දී සිය කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ ක්‍රීඩකයින් 5 දෙනෙකු උපරිම වශයෙන් කණ්ඩායමේ රදවා ගැනීමේ අවස්ථාව සියලු කණ්ඩායම් වෙත ලබා දී තිබෙනවා.

ඒ අනුව අප පසුගිය 16 වැනිදා ද වාර්තා කළ පරිදි Gold හා Silver යන කාණ්ඩවලින් එක් ක්‍රීඩකයෙකු බැගින් ද, Ruby, Sapphire, Diamond, Platinum යන කාණ්ඩවලින් ක්‍රීඩකයින් තිදෙනෙකු ද එලෙස රදවා ගැනීමේ අවස්ථාව කණ්ඩායම් හිමිකරුවන් වෙත හිමි වනු ඇති.

රදවා තබා ගත හැකි උපරිම විදෙස් ක්‍රීඩකයින් සංඛ්‍යාව දෙදෙනෙකු පමණයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...