පාන්ට්ගේ වේගවත් ශතකය නොසිතූ ලෙස ඉන්දියාව පෙරමුණට ගෙන යයි

Date:

සංචාරක ඉන්දීය කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පස්වැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද(1) බර්මිංහැම් හි දී  ආරම්භ වුණා.

පළමු දිනය සදහා තරගය නතර කරන විට තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දෙමින් සිටි ඉන්දියාව කඩුලු 7ක් දැවී ලකුණු 338ක් ලබා සිටියා.

ඒ, ඉන්දීය ඉනිමේ 5 වැනි කඩුල්ල ලකුණු 98 දී බිද වැටුණු පසුබිමකයි. ෂුබ්මන් ගිල් ලකුණු 17කටත්, චෙටස්වර් පුජාරා ලකුණු 13කටත්, හනුමා විහාරි ලකුණු 20කටත්, විරාට් කෝලි ලකුණු 11කටත් දැවී ගියා. ෂ්රෙයස් අයියර් ලකුණු 15යි.

කෙසේ වෙතත්, අනතුරුව රිෂාබ් පාන්ට් හා රවීන්ද්‍ර ජඩේජා එක්ව බිද වැටුණු ඉන්දීය ඉනිම ගොඩ නගමින් සිය කණ්ඩායම ප්‍රබල ස්ථානයක් කරා රැගෙන යාමට සමත් වුණා.

6 වැනි කඩුල්ල සදහා ඔවුන් දෙදෙනා අතර ගොඩ නැගුණු සබදතාවය ලකුණු 222(239) ක්.

පාන්ට් අද වාර්තා කළේ සිය ටෙස්ට් දිවියේ පස්වැනි ශතකයයි. ඔහු පන්දු 111කින් වේගවත් ලකුණු 146ක් ලබා ගත්තා. හයේ පහර 4ක් හා හතරේ පහර 19ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා.

රිෂාබ් පාන්ට්ගේ ඉනිමට අනගි සහායක් ලබා දුන් ජඩේජා නොදැවී ලකුණු 83(163) ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

ශර්දුල් තාකූර් එක් ලකුණකට දැවී ගිය අතර, නොදැවී පන්දුවට පහර දෙන මොහොමඩ් ෂාමි මෙතෙක් ලකුණු ලබා ගැනීම ආරම්භ කර නැහැ.

පන්දු යැවීමේ දී ජේම්ස් ඇන්ඩර්සන් කඩුලු 3ක් දවා ගත් අතර, මැතිව් පොට්ස් කඩුලු 2ක් බිද හෙලුවා. බෙන් ස්ටොක්ස් හා ජෝ රූට් අතරේ ද එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...