වෙන රටක අය ඇවිත් 300ක් ගහනවනම් ඇයි අපිට බැරි කියන එකයි ප්‍රශ්නෙ : දිමුත්

Date:

ඔස්ට්‍රේලියාවට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ ආකාරය සම්බන්ධයෙන් නායකයෙකු ලෙස තමා කනගාටුවට පත් වන බව ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න පවසනවා.

ඔස්ට්‍රේලියාව සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 10ක දරුණු පරාජයක් ලැබීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.

ගාල්ලේ පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 212ක් පමණයි.

ශ්‍රී ලංකාව අද දිනයේ දී සිය දෙවැනි ඉනිම සදහා සියලු දෙනා දැවී ලකුණු 113ක් පමණක් ලබා ගත්ත ද, දිමුත් කරුණාරත්න පෙන්වා දෙන්නේ තණතීරුව පිතිකරුවන්ට යෝග්‍ය වූ පළමු දිනයේ දී ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමට නොහැකි වීම තරගයේ පරාජයට බලපෑ ප්‍රධාන සාධකය බවයි.

පිතිකරුවන් ලෙස සිය කණ්ඩායම සම්පූර්ණයෙන් අසාර්ථක වූ බව සදහන් කළ දිමුත් වැඩිදුරටත් කියා සිටියේ සංචාරක කණ්ඩායමක් ලෙස ඔස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 300 සීමාව අභිබවා ලබා ගත්තේ නම් සිය කණ්ඩායමට එවැනි ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමට නොහැකි වීම ගැටලු සහගත බවයි.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...