එංගලන්තය සමග හෙට(1) ආරම්භ වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ඉන්දීය කණ්ඩායමේ නායකයා ලෙස වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා කටයුතු කරන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය අද පස්වරුවේ නිවේදනය කළා.
ඒ, නිත්‍ය නායක රෝහිට් ෂර්මාට කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් මෙම තරගයෙන් ඉවත් වීමට සිදුව ඇති බැවින්.
අදාළ ටෙස්ට් තරගයේ දී කණ්ඩායමේ උප නායකයා ලෙස රිෂාබ් පාන්ට් පත් කිරීමට ද කටයුතු කර තිබෙනවා.
ඉන්දීය කණ්ඩායම පසුගිය වසරේ දී එංගලන්ත තරග සංචාරයක නිරත වූ අතර, එහිදී දෙරට අතර තරග 5කින් යුත් ටෙස්ට් තරගාවලියක් පැවැත්වීමට නියමිතව තිබූ නමුත්, කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් පැවැත්වීමට හැකි වූයේ ඉන් තරග 4ක් පමණයි.
තරග 4ක් අවසන් වන විට ඉන්දියාව තරග 2-1 ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගෙන සිටි අතර, පැවැත්වීමට නොහැකි වූ අවසන් ටෙස්ට් තරගයයි හෙට බර්මිංහැම් හි Edgbaston ක්‍රීඩාංගනයේ දී ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත්තේ.
මේ අතර, හෙට තරගය සදහා ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම ද මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා.
එංගලන්ත කණ්ඩායම –
Alex Lees, Zak Crawley, Ollie Pope, Joe Root, Jonny Bairstow, Ben Stokes (c), Sam Billings (w), Matthew Potts, Stuart Broad, Jack Leach, James Anderson.

