එංගලන්ත සීමිත පන්දුවාර කණ්ඩායමේ නව නායකයා ලෙස ජොස් බට්ලර් පත්කර තිබෙනවා.
ඒ, මෙතෙක් එංගලන්ත සීමිත පන්දුවාර කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ ඔයින් මෝර්ගන් පසුගියදා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට ගත් තීරණය හේතුවෙන්.
මෝර්ගන් වසර හතහමාරක පමණ කාලයක් එංගලන්ත කණ්ඩායමේ නායකත්වය දැරූ අතර, එම කාලයේ දී කණ්ඩායමේ උප නායකයා ලෙස බොහෝ අවස්ථාවල දී කටයුතු කළේ (2015 වසරේ සිට) ජොස් බට්ලර්.
එමෙන්ම 31 හැවිරිදි ඔහු මීට පෙර එක්දින තරග 9 කදී හා විස්සයි 20 තරග පහක දී එංගලන්ත කණ්ඩායමේ නායකත්වය ද දරා තිබුණා
බට්ලර්ගේ නිත්‍ය නායකත්වය යටතේ එංගලන්තය ක්‍රීඩා කරන පළමු ජාත්‍යන්තර 20යි 20 තරගාවලිය ලබන 7 වැනිදා ඉන්දියාවට එරෙහිව ආරම්භ වීමට නියමිතයි.
එම තරගාවලිය සදහා හා ඉන්දියාවට එරෙහි එක්දින තරගාවලිය සදහා වන එංගලන්ත සංචිතය හෙට(1) ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

