අයර්ලන්තයෙන් ඇරඹූ ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට ලෝක ශූර මෝර්ගන් නිල වශයෙන් සමු දෙයි

Date:

එංගලන්ත සීමිත පන්දුවාර කණ්ඩායමේ නායක ඔයින් මෝර්ගන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර ඇති බව එරට ක්‍රිකට් ආයතනය අද(28) නිල වශයෙන් නිවේදනය කළා.

මේ මොහොතේ සිට බලාත්මක වන පරිදි ඔහු එම තීරණය ගෙන ඇති බවයි එංගලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

2014 වසරේදී එංගලන්ත කණ්ඩායමේ නායකත්වයට පත් වූ ඔහු වසර 7කට වැඩි කාලයක් එංගලන්ත සීමිත පන්දුවාර කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළා.

2019 වසරේ දී පළමු වරට එංගලන්තය ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියක ජය හිමි කර ගන්නා අවස්ථාවේ දී ඒ සඳහා නායකත්වය ලබා දුන්නේ ද මෝර්ගන් විසින්.

එමෙන්ම 2010 වසරේ දී එංගලන්තය පන්දුවාර 20යි 20 ලෝක කුසාලනය ජය ගන්නා විට ද කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස ඔහු ක්‍රීඩා කළා.

වසර 13ක කාලයක් එංගලන්ත ජාතික කණ්ඩායම නියෝජනය කළ ඔහු එරට වෙනුවෙන් වැඩිම එක්දින (ලකුණු 6,957) හා 20යි 20 (ලකුණු 2,458) ලකුණු සංඛ්‍යාවක් රැස් කළ පිතිකරුවා ලෙසයි ඉතිහාසගත වී ඇත්තේ.

එමෙන්ම වැඩිම එක්දින (තරග 225) හා 20යි 20 (තරග 115) ජාත්‍යන්තර තරග සංඛ්‍යාවක් එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩා කළ ක්‍රීඩකයා වන්නේ ද ඔහුයි.

මෝර්ගන් එංගලන්ත කණ්ඩායම එක්දින තරග 126ක දී මෙහෙයවා ඇති අතර, ඉන් තරග 76ක් ජයග්‍රහනය කිරීමට එංගලන්තය සමත් වුණා.

එමෙන්ම 20යි 20 තරග 72 ක දී එංගලන්ත කණ්ඩායමට නායකත්වය ලබා දුන් ඔහු වාර්තා අතරට එක්ව ඇත්තේ සම වැඩිම ජාත්‍යන්තර 20යි 20 තරග සංඛ්‍යාවකට නායකත්වය ලබා දුන් ක්‍රීඩකයා ලෙසයි. (ඉන්දීය හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි ද තරග 72කට නායකත්වය ලබා දී තිබුණා)

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ඇෆ්ඝනිස්තානයට එරෙහි තරගයේ දී හයේ පහර 17ක් එල්ල කරමින් ඔයින් මෝර්ගන් ලෝක වාර්තා අතරට එක් වුණේ එක්දින ඉනිමකදී පිතිකරුවෙකු එල්ල කළ වැඩිම හයේ පහර සංඛ්‍යාව වාර්තා කරමින්.

මෝර්ගන් සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය ආරම්භ කරනු ලැබුවේ අයර්ලන්තය නියෝජනය කරමින්.

2006 වසරේ සිට 2009 වසර දක්වා කාලය තුළ දී ඔහු අයර්ලන්තය වෙනුවෙන් එක්දින තරග 23ක් ක්‍රීඩා කර තිබුණා.

35 හැවිරිදි මෝර්ගන් මෑත කාලයේ දී සිය සුපුරුදු දක්ෂතා අතර රැඳී නොසිටි අතර, සිය ශාරීරික යෝග්‍යතාවය සම්බන්ධයෙන් ද ඔහු දැඩි ගැටළුකාරි තත්වයකට මුහුණ දී සිටියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...