කවාජා, ග්‍රීන් හා කෙරී ඔස්ට්‍රේලියාව පෙරමුණට ගෙන යයි

Date:

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අද (30) නිමා වුණේ තරගයේ වැඩි ගෞරව සංචාරක ඔස්ට්‍රේලියානුවන් වෙත හිමි කර දෙමින්.

දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඔස්ට්‍රේලියාව කඩුලු 8ක් දැවී ලකුණු 313ක් ලබා සිටියා.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටින නේදන් ලයන් ලකුණු 8ක් හා පැට් කමින්ස් ලකුණු 26ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

ගාලු ක්‍රීඩාංගනයට බලපෑ අධික වර්ෂාව හා තද සුළං සහිත අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් නියමිත වේලාවට අද දිනය සදහා තරගය ආරම්භ කිරීමට නොහැකි වූ අතර, තරගය ආරම්භ වුණේ පස්වරු 1.45 ටයි.

ඒ වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඔස්ට්‍රේලියාව කඩුලු 3ක් දැවී ලකුණු 98ක් ලබා සිටියා. දිනයේ පළමු කඩුල්ල ලෙස ට්‍රැවිස් හෙඩ් ලකුණු 6කට දැවී ගියා.

අනතුරුව උස්මාන් කවාජා හා කැමරන් ග්‍රීන් 5 වැනි කඩුල්ල සදහා ලකුණු 57ක සබදතාවයක් ගොඩ නැගුවා. කවාජා ලකුණු 71 කට දැවී ගියේ ජෙෆ්රි වැන්ඩර්සේගේ මංගල ටෙස්ට් කඩුල්ල බවට පත් වෙමින්.

පසුව ග්‍රීන් හා ඇලේක්ස් කෙරී පන්දු 93කින් ලකුණු 84ක සබදතාවයක් ගොඩ නැගුවේ තරගයේ පාලනය ඔස්ට්‍රේලියාව වෙත නතු කරමින්.

කෙරී ලකුණු 45කට දැවී ගිය අතර, ග්‍රීන් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 77ක්. මිචෙල් ස්ටක් ලකුණු 10 යි.

SLC

ඩේවිඩ් වෝනර් ලකුණු 25කටත්, මර්නස් ලබුෂේන් ලකුණු 13කටත්, ස්ටීවන් ස්මිත් ලකුණු 6කටත් ඊයේ දිනයේ දී දැවී ගියා.

පන්දු යැවීමේ දී රමේෂ් මෙන්ඩිස් ලකුණු 107කට කඩුලු 4ක් දවා ගත්තා. මෙම තරගයේ දී ටෙස්ට් වරම් දිනූ ජෙෆ්රි වැන්ඩර්සේ ලකුණු 68කට කඩුලු 2ක් බිද හෙලුවා.

ධනංජය ද සිල්වා ලකුණු 8කට එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් වූ නමුත්, ඔහුට යොමු කිරීමට ලබා දුන්නේ පන්දුවාර 5ක් පමණයි.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී ලකුණු 212ක් ලබා ගත්තා.

ඒ අනුව ඔස්ට්‍රේලියාව මේ වන විට පළමු ඉනිමේ දී ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 101ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...