ශකිබ් එක්දින තරගාවලියට බෑ කියයි

Date:

බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසාන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ආරම්භ වීමට නියමිත එක්දින තරගාවලිය සදහා ක්‍රීඩා නොකරනු ඇති බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ සභාපති නස්මුල් හසාන් පවසනවා.

ඩකා නුවර දී පැවැති බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ රැස්වීමකින් අනතුරුව අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.

මේ වන විට කොදෙව් තරග සංචාරයේ ටෙස්ට් තරගාවලිය අවසන්ව ඇති අතර, දෙරට අතර 20යි 20 හා එක්දින තරග 3 බැගින් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙම සංචිත තුන සදහාම ශකිබ් අල් හසාන් නම් කර තිබුණ ද, ඔහු 20යි 20 තරගාවලිය නිමා වීමෙන් පසුව කොදෙව් දේශයෙන් පිටත්ව යාමට තීරණය කර ඇති බව සදහන්.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් ඔහු මෙතෙක් නිල වශයෙන් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයට දැනුම් දී නැහැ.

දෙරට අතර පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය ලෝක කුසලාන සුපර් ලීගය යටතට අයත් නොවන බැවින් ශකිබ් මෙම තීරණය ගෙන ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ශකිබ් වෙනුවට ටයිජුල් ඉස්ලාම් එක්දින සංචිතයට නම් කිරීමට ද පියවර ගෙන ඇති බවට තොරතුරු වාර්තා වන බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

කොදෙව් – බංග්ලාදේශ 20යි 20 තරගාවලිය ජූලි දෙවැනිදා ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...