ශ්‍රී ලංකාව 212කට සීමා වෙයි

Date:

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද(29) ගාල්ලේ දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී පළමු ඉනිමට රැස් කළ ලකුණු සංඛ්‍යාව 212ක්.

ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ නිරෝෂන් දික්වැල්ල ලකුණු 58ක් ලබා ගත්තා. පන්දු 59කින් ඔහු වාර්තා කළ එම ලකුණු ප්‍රමාණයට හතරේ පහර 6ක් ඇතුළත්.

ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 39ක්, නායක දිමුත් කරුණාරත්න ලකුණු 28ක් හා පැතුම් නිස්සංක ලකුණු 23ක් රැස් කළා. රමේෂ් මෙන්ඩිස් ලකුණු 22යි.

ශ්‍රී ලංකා ඉනිමේ පස්වැනි කඩුල්ල ලකුණු 97 දී බිද වැටුණු අතර, අනතුරුව දික්වැල්ල හා මැතිව්ස් අතර 6 වැනි කඩුල්ල සදහා ලකුණු 42(41)ක සබදතාවයක් ගොඩ නැගුණා.

මැතිව්ස්ගේ දැවී යාමෙන් පසුව පිටියට පිවිසි රමේෂ් මෙන්ඩිස්, දික්වැල්ල සමග එක් වී 7 වැනි කඩුල්ලට ගොඩ නැගූ සබදතාවය ලකුණු 54(64)ක්.

පන්දු යැවීමේ දී නේදන් ලයන් ලකුණු 90කට කඩුලු 5ක් බිද හෙලීමට සමත් වුණා.

මිචෙල් ස්වෙප්සන් කඩුලු 3ක් දවා ගත් අතර, මිචෙල් ස්ටක් හා පැට් කමින්ස් කඩුල්ල බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...