ස්ටුවට් බ්‍රෝඩ්ට අයි.සී.සීයෙන් දඩුවම්

Date:

එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ස්ටුවට් බ්‍රෝඩ්ට ජගත් ක්‍රිකට් කවුන්සලය (ICC) විසින් නිල අනතුරු ඇගවීමක් සිදු කර තිබෙනවා.

ඒ, නවසීලන්තය සමග පැවැති තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ඔහු ICC විනය නීති සංග්‍රහය උල්ලංඝනය කරමින් හැසිරීම හේතුවෙන්.

ඔහු විසින් විනය නීති සංග්‍රහයේ 2.9 වගන්තිය, එනම්, “ජාත්‍යන්තර තරගයක් අතරතුර ක්‍රීඩකයෙකු වෙත හෝ ඒ ආසන්නයට නුසුදුසු ලෙස හෝ අනතුරුදායක ලෙස පන්දුව විසි කිරීම” යන වගන්තිය උල්ලංඝනය කළ බවටයි චෝදනා එල්ල වුණේ.

බ්‍රෝඩ්ගේ විනය වාර්තාවට දඩුවම් ලකුණක් ද ඇතුළත් කිරීමට තරග තීරක ඩේවිඩ් බූන් කටයුතු කර තිබෙනවා.

මාස 24 ක කාලයක් තුළ ඔහුගේ විනය වාර්තාවට ඇතුළත්ව ඇති දෙවැනි දඩුවම් ලකුණ වන්නේ එයයි.

ස්ටුවට් බ්‍රෝඩ් විසින් සිය වරද හා ලබා දුන් දඩුවම පිළිගෙන ඇති බැවින් මෙම සිද්ධිය පිළිබද වැඩිදුර විමර්ශනයක් සිදු වන්නේ නැහැ.

නවසීලන්ත දෙවැනි ඉනිමේ 89 වැනි පන්දුවාරයේ දී යි අදාළ සිදුවීම වී තිබුණේ.

එහිදී ස්ටුවට් බ්‍රෝඩ් යොමු කළ පන්දුවකින් අනතුරුව පෙරළා තමා වෙත ආ පන්දුව රැක ගත් බ්‍රෝඩ් යළි එය පිතිකරණයේ නිරත වෙමින් සිටි ඩැරල් මිචෙල් වෙත විසි කරනු ලැබුවා.

මිචෙල් සීමා ඉර තුළ රැදී සිටි අවස්ථාවක මෙන්ම ලකුණක් කරා දිව යාමට ද අදහස් නොකළ අවස්ථාවකයි මෙම පන්දු විසි කිරීම සිදු කර තිබුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...