හැරීගේ සුපිරි ප්‍රහාරය අපතේ යයි ; පළමු 20යි විස්සෙන් ඉන්දියාවට කඩුලු 7ක ජයක්

Date:

විස්සයි 20 තරග දෙකකින් සමන්විත ඉන්දීය කණ්ඩායමේ අයර්ලන්ත තරග සංචාරය ආරම්භ කරමින් ප්‍රථම තරගය මෙරට වේලාවෙන් අද (27) අලුයම ඩබ්ලින් නුවර Malahide හි The Village ක්‍රීඩාංගනයේ දී නිමාව දුටුවේ ඉන්දීය කණ්ඩායමට කඩුලු 7 ක පහසු ජයග්‍රහණයක් හිමි කර දෙමින්.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඉන්දීය කණ්ඩායමේ නායක හර්ඩික් පාන්ඩ්‍යා ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සදහා අයර්ලන්ත කණ්ඩායමට ආරාධනා කළා.

කෙසේ වෙතත්, තරගයේ ආරම්භයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් එක් ඉනිමක් පන්දුවාර 12 කට සීමා කිරීමටයි විනිසුරුවන් කටයුතු කළේ.

ඒ අනුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි අයර්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 12 අවසානයේ කඩුලු 4 ක් දැවී රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 108 ක්.

විශිෂ්ඨ ඉනිමක් දියත් කළ හැරී ටෙක්ටර් පන්දු 33 කදී නොදැවී ලකුණු 64 ක් රැස්කළා. ඔහුගේ ඉනිමට හතරේ පහරවල් 6 ක් සහ හයේ පහරවල් 3 ඇතුළත්.

Lorcan Tucker ලකුණු 18(16) ක් ලබා ගත්තා. ආරම්භක පිතිකරුවන් වූ නායක Andy Balbirnie හට කිසිදු ලකුණක් ලබා ගැනීමට නොහැකි වූ අතර, පෝල් ස්ටර්ලින් ලකුණු 4 කට දැවී ගියා.

පන්දු යැවීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් එක් කඩුල්ල බැගින් බිඳ හෙලීමට බුවනේශ්වර් කුමාර්, හර්ඩින් පාන්ඩ්‍යා, අවේශ් ඛාන් සහ යුස්වේන්ද්‍ර චෙහල් සමත්වුණා.

මෙම තරගයේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ජාත්‍යන්තර විස්සයි විස්ස වරම් හිමි කරගත් වේග පන්දු යවන ක්‍රීඩක උම්රාන් මලික්ට යොමු කිරීමට ලැබුණේ එක් පන්දුවාරයක් පමණයි. එම පන්දුවාරයේදී ඔහුට ලකුණු 14 ක් ප්‍රතිවාදී කණ්ඩායමෙන් එල්ල වුණා.

පන්දු 72 කදී ජයග්‍රහනය සදහා ලකුණු 109 ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම පන්දුවාර 9.2 ක් අවසානයේ දී කඩුලු 3ක් දැවී ජයග්‍රහණය තහවුරු කර ගත්තා.

අනර්ඝ ඉනිමක් ක්‍රීඩා කළ දීපක් හූදා පන්දු 29 කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 47 ක් රැස්කළා. ඒ, හයේ පහර 2ක් හා හතරේ පහර 6ක් සමගින්.

ඉෂාන් කිෂන් ලකුණු 26(11) යි. නායක හර්ඩික් පාන්ඩ්‍යා ලකුණු 24 ක් පන්දු 12 කදී රැස්කළා.

සූර්යකුමාර් යාදෙව් මුහුණ දුන් ප්‍රථම පන්දුවෙන්ම කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ගනිමින් ඔහුව දවා ගැනීමට ක්‍රෙයිග් යන්ග් සමත්වුණා.

දිනේෂ් කාර්තික් නොදැවී ලකුණු 5(4) යි.

පන්දු යැවීමේදී අයර්ලන්තය වෙනුවෙන් ක්‍රෙයිග් යන්ග් කඩුලු 2 ක් බිඳ හෙලු අතර, ජොශ් ලිට්ල් එක් කඩුල්ලක් දවා ගත්තා.

තරගයේ වීරයා සම්මානය අනර්ඝ පන්දු යැවීමක නිරත වෙමින් පන්දුවාර 3 ක් තුළ ලකුණු 11 ක් ලබා දෙමින් එක් කඩුල්ලක් දවා ගත් යුස්වේන්ද්‍ර චෙහල් විසින් දිනා ගනු ලැබුවා.

දෙරට අතර පැවැත්වෙන දෙවන සහ අවසන් 20යි 20 තරගය හෙට (28) පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...