අපිට අදහගන්න බැරි වුණා ඊයේ අපි දැකපු දේ : ඩේවිඩ් වෝනර්

Date:

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැති තරග 5 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය ඊයේ (24) නිමා වුණේ තරග 3 – 2 ක් වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතිහාසගත ජයග්‍රහණයක් අත්කර දෙමින්.

දශක 3 කට පසුව මෙරටදී ඕස්ට්‍රේලියානු කණ්ඩායම එක්දින තරගාවලියකින් පරාජයට පත්කළ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.

එබැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාවට එය සුවිශේෂී තරගාවලියක් බවට පත් වූ බව නොරහසක්.

කෙසේ වෙතත් ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ඊයේ පැවති පස්වන එක්දින තරගයේ ජයග්‍රහණය හිමි වුණේ සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමටයි.

චාමික කරුණාරත්න වාර්තා කළ ලකුණු 75 න් ශක්තිමත් වෙමින් ශ්‍රී ලංකා කණ්ඩායම ලබා දුන් ලකුණු 161 ක ජයග්‍රාහී ඉලක්කය කඩුලු 6 ක් දැවී සිටියදී හඹා යාමට සංචාරක කණ්ඩායම සමත්වුණා.

මේ වන විට අප රට ආර්ථික අර්බුදය හේතුවෙන් මුහුණ දී ඇති අභියෝගාත්මක කාලය තුළදීත් මෙම තරග සංචාරය අවලංගු නොකර මෙරටට පැමිණ ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට සුවිශේෂී කෘතවේදීත්වයක් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයට රැස්වූ දහස් සංඛ්‍යාත ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් විසින් ලබා දුන්නා.

මෙය බොහෝ ජාත්‍යන්තර මාධ්‍යවල ද අවධානයට යොමු වූ සිදුවීමක් බවට පත්වූ අතර, එය ජගත් ක්‍රිකට් කවුන්සිලයේ ද ප්‍රසාදයට ලක්ව තිබීම විශේෂත්වයක්.

මේ පිළිබඳ ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ද සිය සමාජ මාධ්‍ය ගිණුම් තුළ සටහන් තබමින් ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයන් වෙත ස්තූතිය පල කිරීමට කටයුතු කර තිබීම ද කැපී පෙණුනා.

එම සටහන් පහතින් –

 

View this post on Instagram

 

A post shared by David Warner (@davidwarner31)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...