ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කෙරේ ; වෙල්ලාලගේ අතිරේක ක්‍රීඩකයෙකු ලෙස සංචිතයට

Date:

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය අද(25) නිවේදනය කෙරුණා.

දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 18 දෙනෙකු ඇතුළත් බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

සංචිතය සදහා අතිරේක ක්‍රීඩකයින් දෙදෙනෙකු ද නම් කර තිබෙනවා.

ලක්ෂිත රසංජන හා නිමා වූ එක්දින තරගාවලියේ දී සුවිශේෂී දක්ෂතාවයක් ප්‍රදර්ශනය කළ දුනිත් වෙල්ලාලගේ එලෙස අතිරේක ක්‍රීඩකයින් ලෙස නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

බංග්ලාදේශ සංචාරයට එක් වූ කමිල් මිෂාර හා සුමින්ද ලක්ෂාන් මෙම සංචිතයට නම් කර නැහැ.

ජෙෆ්රි වැන්ඩර්සේ යළි ටෙස්ට් සංචිතයට කැදවා ඇති අතර, නිමා වූ බංග්ලාදේශ සංචාරය ආබාධයක් හේතුවෙන් අහිමි වූ පැතුම් නිස්සංක ද ඔස්ට්‍රේලියාවට එරෙහි ටෙස්ට් සංචිතයට ඇතුළත්.

දෙරට අතර පැවැත්වෙන තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවලියට ද අයත් වනවා.

තරග දෙකම ගාල්ලේ දී පැවැත්වීමට නියමිතව ඇති අතර, පළමු තරගය එළඹෙන 29 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

Test Squad :

Dimuth Karunaratne (C), Pathum Nissanka, Oshada Fernando, Angelo Mathews, Kusal Mendis, Dhananjaya de Silva, Kamindu Mendis, Niroshan Dickwella (WK), Dinesh Chandimal (WK), Ramesh Mendis, Chamika Karunaratne, Kasun Rajitha, Vishwa Fernando, Asitha Fernando, Dilshan Madushanka, Praveen Jayawickrama, Lasith Embuldeniya, Jeffrey Vandersay

Standby Players :
Dunith Wellalage, Lakshitha Rasanjana

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...